Monday, March 10, 2014


karu-jayasuriya-10713
අපට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර කළ ස්වීඩනය අද වනවිට තානාපති කාර්යාලයත් වසා දමා යන්නට ගිහින්. මහවැලියට ආධාර කල බ්‍රිතාන්‍ය ය ඇතුළු රටවල් අද මේ ආණ්ඩුව සමග තරහවෙලා.ඇයි තරහවෙලා තිබෙන්නේ? ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි කියුවාම ,යහපාලනයක් මේ රටේ ඇති කරන්නයි කියුවාම ,කතා කිරීමේ නිදහස ගැන කියුවාම මේ රටවලට කොටි හිතවාදී ලේබලය ගහනවා.නැතිනම් ඩයස්පෝරා ව කියනවා යැයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා 08 දින ඌරගස් මංසන්දියේදී ජන හමුවක් අමතමින් පැවැසීය.
එහිදී වැඩි දුරටත් කතා කළ ජයසූරිය මහතා;

යුද්ධයක් අවසාන වුනාට දැන් ගෙදර කුස්සියේ යුද්ධයක් ඇවිලී තිබෙනවා.ළමයින්ට කන්නට බොන්නට දෙන්නට බැරිව තම කුසින් වැදු දරුවන් ළමා අනාථ නිවාසවලට භාරදෙන අම්මලා සිටිනවා.ළමයින්ව අතරමග දමා අතරමංකර යන දෙමාපියන් ඉන්නවා.ඒ කිසිවක් බැරි තැන ළමුන් සමග දිවිනසා ගන්නා අම්මලා ,තාත්තලා ඉන්න රටක් බවට මේ රට දැන් පත්වී තිබෙනවා.ඒවගේම මෙරටේ ලොකු හොටල්වලදී එක කෑම වේලකට රුපියල් දහ පහළොස්දාහක කෑම පිඟානක් ඇනවුම් කරන පිරිසකුත් මේ රටේ ඉන්නවා.මේ ආකාරයට රටේ ඇති නැති පරතරය පුදුමාකාර විදිහට වැඩිවී තිබෙනවා.නාස්තිය දුෂණය ඉහල ගිහින් තිබෙනවා.ජනතාව මත ණය බර වැඩිවී තිබෙනවා.

රජයේ විගනනකධිපතිවරයා වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා රජය, දේශීය හා විදේශීය වශයෙන් ලබා ගන්නා ණයවලින් වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ රජය මෙතෙක් ලබා ගෙන ඇති ණයවල වාරික හා පොලී ගෙවීමටයි.

දේශීය වශයෙන් ලබා ගන්නා ණය දේශීයව ගත් ණය වාරික හා පොලිය ගෙවීම සඳහාද යොදාගෙන තිබෙන බවත් විගණකාධිපතිවරයා 2012.12.31 දිනට රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම විගණන වාර්තාවෙන් හෙළිකරනවා.

2012 වර්ෂයේදී රුපියල් කෝටි තිස්හය දහස් හයසියයක් විදේශීය ණය වශයෙන් , රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හයසියයක් බැංකු නොවන දේශීය ණය වශයෙන්ද ලබාගෙන තිබෙනවා .

රජයේ විගගනකධිපති වරයා පෙන්වාදෙන්නේ එසේ ලබාගෙන ඇති මුළු ණය රුපියල් කෝටි එක්ලක්ෂ නව දහස් දෙසීයක් බවයි. 2012 සමාලෝචිත වර්ෂයේදී ණය, වාරික සහ පොලී වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ එක්දහස් දෙසීයක් ගෙවා ඇති බවත් විගණකාධිපති වාර්තාව පෙන්වා දී තිබෙනවා .

ඒවගේම 2012 වර්ෂයේදී බැංකු නොවන දේශීය ණය රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හය සියයක් ලබාගෙන තිබුනත් දේශීය ණය, වාරික සහ පොලී ගෙවීම සඳහා පිළිවෙළින් රුපියල් කෝටි හතළිස් පන්දහසක් හා කෝටි තිස් පන්දහසක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දෙනවා.

වත්මන් ආණ්ඩුව විසින් පොලිය ගෙවීමට ණයවන ජාතියක් බවට අපව පත්කර ඇතැයි කියා අප පවසන්නේ මේ නිසයි.

මේ රටේ සෑම තරාතිරමක අයකුගෙන්ම අප ඇසුවිට සියලුදෙනාම පාහේ කියන්නේ රටට මේ ආකාරයට යන්නට බැහැ කියලයි.රටේ පාලනයේ වෙනසක් වුවමනාය කියන මතය ඇතිවී තිබෙනවා.ඒ නිසා මෙවර පළාත් සභා මැතිවරණය පළාත් සභාවට අලුතෙන් මන්ත්‍රීවරුන් පත්කරන මැතිවරණයක් පමණක් නොවෙයි.මෙය රටේ අනාගතය තීරණය කරන අවස්තාවක්.එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නොවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ,එම සන්ධනය ගැන විශ්වාසය තැබූ පිරිසකුත් මේ ජනහමුවට පැමිණ සිටිනවා.රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු කඩවී ඇතිවා වගේම ,මේ පිරිසගේත් සන්ධාන ආණ්ඩුව ගැනවූ විශ්වාශය ,බලාපොරොත්තු කඩවෙලා.

මහින්ද චින්තනයේ තිබුණු දේවල් ,මහින්ද චින්තනයේ ඇති වචන ගැන විශ්වාස කල බොහෝදෙනකු සිතුවේ මේ රට සුරපුරයක් වේවි කියායි.මෙරට කිරියෙන් පැණියෙන් ඉතිරේවි ,සෑමදෙනාගේම සාක්කු මුදල්හදල් වලින් ඉතිරේවි කියා සිතුවා.එහෙත් පසුගිය වසරේ දෙසැම්බර 31 වනදා වනවිට මෙරටේ සෑම කෙනකුම ,ඉපදෙන සෑම දරුවකුම රුපියල් තුන්ලක්ෂ පනස්හය දහසක් ණය යි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කළමනාකාරිත්වයක් තිබෙන පක්ෂයක් . එක්සත් ජාතික පක්ෂය මේ රටට‍ නිදහස උදා කර දුන්න වගේම ,මෙරට විනාශ වෙන්නට ඉඩදෙන්නෙත් නැහැ.අපි වැඩක් කරන්නට ඉස්සෙල්ලා බෝඩ් ගහන්නේ නැහැ.පුවත්පත් දැන්වීම දමන්නේ නැහැ. 2001 දී අපි මෙරටේ පාලනය භාරගත් වෙලාවේ රටේ තිබුනේ බින්දුවටත් වඩා පහල ගියපු ,සෘණ වූ ආර්ථිකයක්.මෙරටේ පැය 8 ක විදුලිය කප්පාදුවක් තිබුනා.අපි දින 180ක් තුල රටේ අඛණ්ඩ විදුලි සැපයුමක් ඇතිකරන බව ට පොරොන්දුවුනා.158 වන දිනයේදී අපි එය යථාර්තයක් බවට පත් කළා.

අපගේ පාලනයේ දෙවනි වසර වනවිට සෘණ වූ ආර්ථිකය යතා තත්වයට පත්කලා.2003 වනවිට අපි මෙරටේ තිබුණු කෙටිකාලින ණය සියල්ල ගෙවා දැම්මා.එහෙත් අද තත්වය කුමක්ද ?අපට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර කල ස්වීඩනය අද වනවිට තානාපති කාර්යාලයත් වසා දමා යන්නට ගිහින්. මහවැලියට ආධාර කල බ්‍රිතාන්‍ය ය ඇතුළු රටවල් අද මේ ආණ්ඩුව සමග තරහවෙලා.ඇයි තරහවෙලා තිබෙන්නේ? ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි කියුවාම ,යහපාලනයක් මේ රටේ ඇති කරන්නයි කියුවාම ,කතා කිරීමේ නිදහස ගැන කියුවාම මේ රටවලට කොටි හිතවාදී ලේබලය ගහනවා.නැතිනම් ඩයස්පෝරා ව කියනවා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය,නිදහස් මාධ්‍ය ,ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කලවිට එ. ජා. පය ට කොටි ලේබලය අලවනවා.අපි කියුවා එහෙම කොටින් එ. ජා. ප යේ සිටිනවා නම් අපට ප්‍රසිද්ධියේ පෙන්වන්න කියලා.ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටි.ටි.ඊ සංවිධානයේ නායකයා බවට‍ ප්‍රකාශ කරගත් කේ.පී ඉන්නේ සන්ධනයේ මිසක් එක්සත් ජාතික පක්ෂයේ නොවෙයි.දළදා මාලිගාවට කොටි ප්‍රහාරය එල්ලකළ,අරන්තලාවේ භික්ෂු ඝාතනය කල කරුණා ඉන්නේ සන්ධාන ආණ්ඩුවේ යි. ජයසිරිමහ බෝධියට ප්‍රහාර එල්ලකළ , අරන්තලාවේ භික්ෂු ඝාතනය කල මේ සියලුදෙනා අද ඉන්නේ සන්ධාන ආණ්ඩුවෙයි.එහෙම තියාගෙන එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබලය,දේශද්‍රෝහී ලේබලය ආණ්ඩුව විසින් අලවනවා.මේ දේවල්වලට තමුන්නාන්සේලා රැවටෙන්නට එපා.


අද මේ මැතිවරණය ආණ්ඩුව විසින් කරන හැටි බලන්න . කොම්පියුටර් ජිල්මාට් ,මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු රාජ්‍ය මන්දිරවල පවත්වන දන්සල් ආදිය මේ රටේ මැතිවරණ ඉතිහාසයට එකතුකලේ වත්මන් සන්ධාන ආණ්ඩුවයි.

එවැනිම තවත් අල්ලසක් ගැන දැන් මැතිවරණ කොමසාරිස් තුමාට පැමිණිලි ලැබී තිබෙනවා.
දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට ඔන්‍න‍ මෙන්න කියා තිබියදී ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘති සඳහා එක්‌ අයකුට රුපියල් දස ලක්‍ෂය බැගින් වෙන් කර දී තිබෙනවා .

සන්ධානයේ මැතිවරණ අපේක්‍ෂකයන් වන එම හිටපු මන්ත්‍රීවරුන් තම පුද්ගලික බූදලයක්‌ ලෙසින් දැන් එම මුදල් චෙක්‌පත් මගින් ජනතාවට බෙදා දෙමින් සිටින බවට පැෆරල් සංවිධනය පක්‍ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී මැතිවරණ කොමසාරිස්‌ වරයාට පැමිණිලි කර තිබෙනවා.

තවත් සමහර ප්‍රදේශවලදී කුකුළු පැටවූ ,උදලු තල බෙදනවා රැකියා අයදුම්පත් බෙදනවා.මේවා දෙන්නේ ජනතා මුදලින් .ඒ නිසා දෙන දේවල් ගන්න .එහෙත් ඡන්දය ප්‍රකාශ කරත්දී ,කතිරය ගහත්දී හෘදය සාක්ෂියට එකගව එය ප්‍රකාශ කරන්න .ආණ්ඩුවේ මේ දේවල්වලට රැවටෙන්නට එපා කියා ඔබ තමුන්නාන්සේලගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment