යුක්රේනයේ ක්‍රිමියා ප්‍රදේශයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව ජිවත් වෙනවා.එම එකම හේතුව පදනම් කොටගෙන රුසියාව එම ජනතාවගේ ගැටළුවට මැදිහත් වුනා රුසියානූ ජනාධිපති පුටීන්ගේ ක්‍රමවේදය අනුගමනය කර, දෙමළ භෂාව කථා කරන ඊළාම් දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගැටළුවට, ඉන්දියාව මැදිහත් විය යුතු බව වයිකෝ පසුගියදා චෙන්නායි නුවර පැවැති තම පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ සදහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වයිකෝ පවසා සිටියේ, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී, ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත පිළිගත නොහැකි බවත් එය ඇත්ත වශයෙන්ම පැණි රස තැවරූ විසක් බදු බව යැයිද සදහන් කර සිටියේය.
2009 ශ්‍රී ලංකාවේ පැවති අවසන් සටනේදී, සිදුකල මානව හිමිකම් උල්ලංඝනය කිරිම් මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනාදිය පිළිබඳව ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක් අවධාරණය කරන යෝජනාවත් ඉන්දියාව විසින් ඉදිරිපත් කල යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී, ඉදිරිපත් කර ඇති කෙටුම්පත අපව කම්පනයට පත්කරවන්නක් එම යෝජනා කෙටුම්පතින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන යුක්තිය වලදමා ඇති බවත්, ශ්‍රී ලංකාව බේරා ගැනිමේ කුමන්ත්‍රණයක් බවත් වැඩිදුරටත් ඔහු අවධාරණය කර සිටියේය.
http://sinhala.theindependent.lk/
10:36 PM
slnews

0 comments :
Post a Comment