Tuesday, March 11, 2014


TNA-political-party








ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මත ගැටුම් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තාවේ. අදාල යෝජනාවෙන් ලංකා ආණ්ඩුවට එතරම් බලපෑමක් එල්ල නොවන බව දක්වන එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සදහන් කරයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරම් සදහන් කරන්නේ ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ලංකා ආණ්ඩුවට බලපෑම් කළහැකි මට්ටමේ එකක් බවයි.

මේ අතර පසුගිය සතියේ යාපනය සංස්කෘතික කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උතුර පළාත් සභාවේ මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් සදහන් කර සිටියේ තමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිය අතරවාරයේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරුන් මුණ ගැසී තමාටද එක් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජීනීවා බලා ගියත් ඉන් ප්‍රයෝජනා ගැනීමට දෙමළ සන්ධානයේම මන්ත්‍රීවරු තමන්ට අවස්ථාවක් උදා නොකළ බවයි. වැඩිදුරටත් ඇය එහිදී සදහන් කර සිටියේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ජිනීවා සමුළුව සදහා සහභාගී වුවත් ඉදිරිපත් කළ යුතු ප්‍රමාණයට කරුණු ඔහුගෙන් අදාළ නියෝජිතවරුන්ට ප්‍රකාශ නොවූ බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දෙමළ විද්වත් සංසදය පවසා සිටින්නේ දෙමළ සන්ධානයේ එක් එක් පාර්ශවයන් විසින් අදාළ යෝජනා සම්බන්ධයෙන් විවිධ මත පළකිරීමට පටන් ගැනීම විසින් මානව හිමිකම් සමුළුව අරඹයා ලංකා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළයුතු බලපෑමේ බර හෑල්ලුවට ලක්කොට ඇති බවයි.

http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment