Tuesday, March 11, 2014

හෙරොයින් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැල්ලම්පිටිය ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇප සම්බන්ධ ‍පොලිස් තීරණය අද (12දා) නීතිපතිවරයා වෙත යොමු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (11දා) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේ මේ පිළිබඳව අනාවරණය විය.
කොළඹ අපරාධ කොට්ඨාස වෙනුවෙන් ‍පො.ප රාජපක්ෂ, උප.‍පො.ප. පුෂ්පකුමාර රණසිංහ යන නිලධාරීහු වැඩිදුර වාර්තාවක්ද සමගින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

මෙම හෙරොයින් සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රණසිංහ ආරච්චිලාගේ සංඛ මධුසංඛ කුමාර, සිත්ති ෆාතිමා ෆස්මිලා, වැල්ලම්පිටිය ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා වූ බුවනෙකසිරි බණ්ඩාර මුණසිංහ, නිෂාන් තුවාන් ෆරීන් යන සැකකරුවන් බන්ධනාගාරය මගින් ඊයේ (11දා) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙම සැකකරුවන් සම්බන්ධ නීතිපති උපදෙස් මතෛක් ලැබි නොමැති බවත් මොවුන් ඇප අයැදුම් මහාධිකරණයේ ගොනු කර ඇති බවත් සඳහන් කළ කොළඹ අපරාධ කොට්ඨාසය මෙහි හතරවැනි සැකකරු වූ නිෂාන් තුවාන් ෆරීඩ් නමැත්තා සම්බන්ධයෙන් ඇප වාර්තා ලබාගෙන ඒවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉකුත් 10දා භාර දුන් බවද පැවසීය.

එසේම මෙහි තුන්වැනි සැකකරු වූ වැල්ලම්පිටිය ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ ඇප සම්බන්ධ වාර්තා අද (12දා) නීතිපතිවරයා වෙත යොමු කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණයට අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත භාරදී අධිකරණය වෙත වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරමින් ලබන 25දා තෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළාය.

http://www.rivira.lk/edition/article/64409-2014-03-11-18-28-08.html

0 comments :

Post a Comment