"අද අපේ රටේ සිටින බොහෝ සංඝයා වහන්සේලා බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ඉතාමත් විශාල කාර්යභාරයක් දැඩි කැපවීමෙන් යුතුව කරගෙන යනවා. මේ අතර සමහර භික්‍ෂූන් වහන්සේලා අතින් සිදුවන අඩුපාඩුවක් හෝ වැරැද්දක්, සමහර මාධ්‍යවල, විශේෂයෙන් පුවත්වත්වල ඉතා ලොකුවට උලුප්පා දක්‌වනවා.
මෙම බඩගෝස්‌තරවාදී ක්‍රියා කරන්නේ තමන්ගේ පත්තර විකුණා ගැනීමටත් ජනප්‍රිය වීමටත් කියා මා කියනවා" යෑයි පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි නාහිමියෝ පසුගිය දා පැවැත්වූ ධර්ම දේශනාවකදී පැවසූහ.
උන්වහන්සේ මෙසේ ද සඳහන් කළහ.
"බුදුරජාණන් වහන්සේගේ සමයේදී තිබුණු තරම් දරුණු ක්‍රියා වත්මන් භික්‍ෂූන් වහන්සේලා අතින් සිදුවන්නේ නැහැ. දේවදත්ත - කෝකාලික - සුනක්‌කත්ත වැනි භික්‍ෂූන් වහන්සේලා කළ තරම් දරුණු ක්‍රියා අද භික්‍ෂූන් වහන්සේලා අතින් සිදුවන්නේ නැහැ. නමුත් අද සමහර උන්නාන්සේලා අතින් සිදුවන සුළු වැරදි මහ ඉහළින් මාධ්‍යවල උලුප්පා දක්‌වනවා. ඒ නිසා එවැනි අන්දමින් ක්‍රියා කරමින් උන්වහන්සේලා අපහසුතාවයට පත් කරන්නට එපා යැයි මා මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා."
මෙහිදී සමහර විට මා අතින් කර්කශ වචන පාවිච්චි වුණත් ඒ ද්වේශයෙන් නොවේ. මෙය අසා සිටින අයගේ සිතට තදින් වැදිය යුතු නිසයි එවැනි වචන පාවිච්චි කළේ යැයිද උන්වහන්සේ පැවසූහ.
http://sinhala.theindependent.lk/
2:12 AM
slnews

0 comments :
Post a Comment