බස්නාහිර හා දකුණ පළාත් සභාවලට අදාළව පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරයක කටයුතු සදහා රාජ්‍ය දේපල හා රාජ්‍ය මාධ්‍ය මෙන්ම රජයේ නිලධාරීන්ද යොදාගැනීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන අතර මෙවැනි දේ සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පුන පුනා ප්‍රකාශ කළේය.
එහෙත් පසුගිය සිකුරාදා (07) වන දින ජනාධිපතිවරයා අමු අමුවේම මෙම මැතිවරණ නීති උල්ලංඝණය කළේය.
ඒ ලංකාවේ රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා යොදාගනිමින් මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශ කිහිපයක පිරිස් සමග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තිර යොදා එක් එක් නාලිකාවේ අනුග්‍රහයෙන් ජනතා ගැටලුවලට විසදුම් ඉදිරිපත් කළේය.
මෙම සංවාද දැකීමෙන් වඩාත් පැහැදිලි වූයේ එය ගැටලු විසදීමටත් වඩා සුහද කතා බහක නිරත වීමට සකසා ගත් අවස්ථාවක් බවත්ය. එසේම බස්නාහිර හා දකුණුට පමණක් මෙම ජනතා ගැටලු සීමා වීම අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ වන්නේය.
කෙසේ නමුත් මැතිවරණ නීරීක්ෂණ ආයතන විසින් මෙය විවේචනයට ලක් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පැමිණිලිද ඉදිරිපත් කිරීමට යුහුසුළු වුවත් බලවතුන් මැතිවරණ නීති කැඩීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ දියාරූ ස්වරූපය හමුවේ ඊට එරෙහිව කෙසේ නම් නීති ක්‍රියාත්මක කරන්නේද යන්න ගැන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සැක පළ කර සිටී.
http://sinhala.theindependent.lk/
2:14 AM
slnews

0 comments :
Post a Comment