Monday, March 10, 2014

ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැහැ – ර‍වුෆ් හකීම්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසක් නැතැයි එම පක්ෂයේ නායක ර‍වුෆ් හකීම් මහතා ඊයේ  කොම්පඤ්ඤ වීදියේ පැවති ජනහමුවකදී අවධාරණය කළේය.  
ශිර්ෂ පාඨය ඇවිල්ලා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් යනවා ද? නැද්ද? ඇත්තයි යමක් සිදුවුණා. අමාත්‍ය මණ්ඩලයේ, ඉතිං අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපතිතුමාත් සමග උණුසුම් විවාදයක් ඇතිවුනානම්, ඒ විවාදය පදනම් කරගෙන මැති ඇමතිවරු රජයෙන් එළියට බහින්න ඕනේනම්, දැනට මේ රජයේ ඉන්න, හරි අඩක් එළියට එන්න ඕනේ.  මේ රටේ ජනවාර්ගික විසදුමක්, සෙවීම සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පිහිටෙව්වා. ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙවනුව ඉන්න, විශාලතම පක්ෂය ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය අපිට වඩා ආසන ඇති, වෙන පක්ෂයක් මේ සන්ධානයේ නැහැ. එහෙම සිටිද්දීත්, අපිට මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකවත් අසුනක් නැහැ. ඒවාත් අපි දරාගෙන ඉන්නවා.  අපි තුනෙන් දෙකේ ඡන්දය බලය ලබාදීලා වාර දෙකක් විතරක් ඉන්න පුළුවන් ජනාධිපතිතුමාට මින් ඉදිරියටත්, ඕන තරම්, තරග කිරීමේ අයිතිය, ලබා දුන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන එකත්, අපි මෙතන කියා සිටිය යුතුයි. එකට දැන් ඕන තරම් බැට කනවා දැන්, විපක්ෂයෙන්.  එක දෙයක් මම කිව යුතුයි. දැන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වීමට අපිට කිසි අදහසක් නැහැ.

http://newsfirst.lk/

0 comments :

Post a Comment