Monday, March 10, 2014














බණ්ඩාරනායක මහත්මිය සමඟ ආණ්ඩුවේ ඇමතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරයකු පසුගිය සතියේ රහසේ මුණ ගැසී සාකච්චා පවත්වා ඇතැයි වාර්තා වෙයි.
මෙම ප‍්‍රබල ඇමතිවරයා කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අයෙකු වන අතර ඔහු හිටපු ජනාධිපතිනිය මුණ ගැසී ඇත්තේ හොරගොල්ල වලව්වේදීය. ඇමතිවරයා මෙම සාකච්ඡව සඳහා ගොස් ඇත්තේ ආරක්‍ෂකයන් පවා නොමැතිවය.
පසුගිය කාලයේදී ආණ්ඩුවේ ඇතැම් ක‍්‍රියා ප‍්‍රසිද්ධියේ විවේචනය කළ නියෝජ්‍ය ඇමතිවරයා මාතලේ, උකුවෙල පිහිටි රත්වත්තේ වලව්වේදී හිටපු ජනාධිපතිනිය මුණ ගැසී ඇත.
මෙම හමුවීම්වලදී සාකච්ඡ කෙරුණු කරුණු මොනවාද යන්න මෙතෙක් හෙළිදරව් වී නැති අතර එම සාකච්ඡ පැයකට ආසන්න කලයක් තිස්සේ කෙරී ඇත.


http://dinanadakuna.blogspot.com/


0 comments :

Post a Comment