Tuesday, March 11, 2014

ඉන්දියාව හරහා ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් වෙනත් රටවලට යැවීමේ ජාවාරම් මෙහෙයවන පුද්ගලයන පිළිබඳව තොරතුරු දැනුම්දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මෙම ජාවාරම්කරුවන් පළමුව සිදුකරන්නේ ඉන්දියාවට පමණක් වීසා ලබාගැනීමයි. පසුව ඉන්දියාවේ සිට වෙනත් රටවලට වෙනම ගමන් බලපත‍්‍රයක් මගින් වීසා ලබාගෙන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් මැද පෙරදිග ඇතුලූ රටවල් රැසකට අනාරක්ෂිත ලෙස රැකියා සඳහා යැවීමට ඔවුන් කටයුතු කරනවා. එලෙස විදේශ ගතවුවහොත් කිසිදු වගකීමක් භාරගැනීමට හැකියාවක් නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළේ. ඒ අනුව අදාළ ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව තොරතුරු 0112 879 900 සහ 0112 879 901 දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස එම කාර්යාංශය ඉල්ලා සිටිනවා.

http://www.hirunews.lk/sinhala/

0 comments :

Post a Comment