1940 දී හෙන්රි ෆෝඩ් අදටත් මිනිසුනට මතකයේ සිටින කතාවක් කීවේය. “මා කියන දේ හොඳින් මතක තබා ගන්න. මෝටර් රථයත්, ගුවන් යානයත් ඒකාබද්ධ කොට නිපද වූ වාහනයක් අනාගතයේ බිහිවෙනවා. එ කතාවට ඔබලා හිනාවේවි. ඒත් ඒ වාහනය එනවාමයි.”
හෙන්රි ෆෝඩ් මෝටර් රථයේ නිර්මාතෘ නොවේ. මෝටර් රථය නිර්මාණය කළේ කාල් බෙන්ස්ය. ඒ 1886 දීය. ඩෙයිම්ලර් ගෲප් නමින් අදටත් පවතින්නේ ඔහුගේ බෙන්ස් මෝටර් රථ සමාගමය. එහෙත් හෙන්රි ෆෝඩ් 20 වන සියවසේ, මෝටර් රථ ගමනා ගමනයට සාමාන්‍ය පුද්ගලයාටද එකතුවිය හැකි ආකාරයේ මිලෙන් අඩු වාහන නිපදවා, මහා පරිමාණයෙන් වාහන නිපදවීම ආරම්භ කළ පුද්ගලයාය. ඒ 1914 සිටය.
ඔහුගේ අනාවැකිය මල්පල ගන්වමින් ඊට වසර 9කට පසු එනම්, දෙවන ලෝක යුද්ධය අවසන් වී මඳ කලකට පසු මෝල්ටන් ටේලර් විසින් ඔහුගේ ප්‍රථම පියාසර කරන මෝටර් රථය නිපදවීය. එය එයරො කාර් (Aero car) ලෙස හැඳින්විණ. ඔහු වොෂිංටන්වල එයරො කාර් ඉන්ටනැෂනල් නමින් සමාගමක්ද ආරම්භ කොට එබඳු වාහන නිපදවීම පටන් ගත්තද එය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත නොවීය. ඔහු විසින් එයරො කාර් 6ක් පමණක් නිපදවීයයි ඉතිහාසයේ සඳහන් වෙයි.
නැවතත් පියාසර කරන මෝටර් රථයක් පිළිබඳ අසන්නට ලැබෙන්නේ 1973 දීය. හෙන්රි ස්මොලින්ස්කි (Henry Smolinsky) විසින් ෆෝඩ් පින්ටෝ වර්ගයේ මෝටර් රථයක පසුපසට සෙස්නා ස්කයි මාස්ටර් වර්ගයේ ගුවන් යානාවක පසුපස කොටස සම්බන්ධකොට පියාසර කළ හැකි මෝටර් රථයක් නිපදවීය. එය අවශ්‍ය විටෙක පසුපස කොටස ගලවා දමා කාරයක් ලෙස පමණක් පාවිච්චි කළ හැකිව තිබුණේ යයි සඳහන් වේ. 1974 දී එබඳු වාහන නිපදවා වෙළෙඳපළට නිකුත් කිරීමට ඔහු බලාපොරොත්තු වුවද 1973 සැප්තැම්බර් 11 ගුවන් නියමු හැරල්ඩ් බ්‍ලේක් හා ගිය අත්හදා බැලීමේ ගුවන් ගමනේදී එක් තටුවක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනාම මරුමුවට පත්විය. තටුව කඩා වැටීමට හේතුවී
තිබුණේ නිසි පරිදි පාස්සා නොතිබිම යයි පසුව කළ පරීක්ෂණවලදී හෙළිවිය.
නිරන්තරයෙන් අලුත් දේ සොයා යන්නවුන් නිසා සියල්ල කලින් කලට වෙනස් වෙයි. ඔවුහු තමන්ගේ නව සංකල්ප හෝ අන්‍යයන් විසින් කළ නව සොයාගැනීම් හෝ තවදුරටත් දියුණු කර එදිනෙදා කටයුතුවලදී මිනිසුනට අවශ්‍ය වන ප්‍රයෝජනවත් දෙයක් බිහිකරයි.
අද, ෙදෙනික කටයුතු සඳහා දිනපතා වාහන තදබදය හේතුවෙන් මහමග කාලය කා දමන මිනිසුන් වෙනුවෙන් නැවතත් පියාසර කරන මෝටර් රථයක් පැමිණ තිබේ. එය සාමාන්‍ය කාරයක් මෙන් මහමග ගමන් කළ හැකි අවශ්‍ය විටෙක ගුවන් ගතකළ හැකි දෙමුහුන් (Hybrid) වර්ගයේ වාහනයකි. එය හැඳින්වෙන්නේ රෝමොබිල් 2.5 ලෙසිනි.
එය හැරී පොටර් චිත්‍රපටයේ ජවනිකාවල මෙන් පාරේ ගමන් කරන විට, අවශ්‍ය වූ විටක අහසට පැන නැගී පියාසර කරන වාහනයක් පැදවීමට මිනිසුන් තුළ වූ සිහිනය මල්පල ගැනීමක් බඳුය.
මෙවර පියාසර කරන කාරය නිපදවා ඇත්තේ ස්ලොවේකියා ජනරජයේ බ්‍රැට්ස්ලාවා හි ස්ටෙෆන් ක්‍ලේන් හා ජුරාක් වැතුලින් දෙදෙනා විසින් මෙහෙයනු ලබන එයරොමොබිල් සමාගම විසිනි.
මේ රථය ගුවනේ ගමන් කරද්දී දෙපසට විහිදෙන තටු දෙකකින් යුක්ත වුවද අවශ්‍ය විටක ඒවා හකුලාගත හැකි බැවින්, සාමාන්‍යයෙන් ඉඩකඩ සහිත වාහන නවතා තබන අංගණයක වුවද නවතා තැබිය හැකිය. එපමණක් නොව, අනෙකුත් වාහනවලට මෙන් මෙයටද සාමාන්‍ය පිරවුම් හල්වලින් ඉන්ධන පුරවාගත හැකි වීමද තවත් විශේෂත්වයකි. අවශ්‍ය වන්නේ ඊයම් නොමැති සුපිරි ඉන්ධන භාවිතා කිරීමයි.
එයරොමොබිල් 2.5 යනු එම සමාගම නිපද වූ පියාසර කරන මෝටර් රථයේ වර්තමාන මොඩලයයි. මෙහි ගමන් කළ හැක්කේ රියැදුරුට පමණි. කිලෝ ග්‍රෑම් 450ක් බරැති මෙය කාරයක් ලෙසින් භාවිතා වෙද්දී පලලින් මීටර් 1 1/2කි. දිගින් මීටර් 6කි. ගුවන් යානයක් ලෙසින් එය පළලින් මීටර් 8.2ක් වේ. ඒ දෙපස තටු දිග හැරුනු විටය. මෙය, ඔවුන් 2014 දී එළිදැක්වීමට බලාපොරොත්තු වන එයරොමොබිල් 3.0 මෝටර් රථයේ අත්හදා බැලීම් වස් කළ ආදර්ශකයක් සේ සැලකිය හැකිය. එයරොමොබිල් 3.0 දැනට නිපදවා ඇති මෝටර් රථයට වඩා සැහැල්ලු හා වේගවත් වන අතර රියැදුරුට හා එක් මගියෙකුට ගමන් කළ හැකි ආකාරයෙන් නිපදවෙනු ඇත.
එයරොමොබිල් සමාගම පියාසර කරන මෝටර් රථ නිපදවීම පටන් ගත්තේ 1990දීය. 1994 වන විට සමාගම මුල් රථය නිපදවීය. (එයරොමොබිල් 1.0) 1995 සිට 2010 වනවිට ඔවුන්ගේ දෙවන රථය (2.0) නිපදවා අවසන් විය. ඔවුහු මේ මෝටර් රථය 2007 අප්‍රියෙල් මස ජර්මනියේ එයරොඑක්ස්‍පෝ ප්‍රදර්ශනයේදීත්, 2009 ඔක්තෝබර් මැන්චෙස්ටර්හිදීත් 2010 ප්‍රංශයේ ඛිඒඉ(ICAS (International Council of Aeronautical Science) සංගමයේදීත් 2011 ඔක්තෝබර් නැවතත් ප්‍රංශයේදීත් අවසානයේ 2012 දී බ්‍රැට්ස්ලාවාහිදීත් ප්‍රදර්ශනය කෙරින.
මේ අතරතුර 2010 දී එයරොමොබිල් 2.5 රථය සැලසුම් කර 2013 දී නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී. මේ වසරේ සැප්තැම්බර් මස කැනඩාවේ මොන්ට්‍රියල්හි එයරොටෙක් ප්‍රදර්ශනයේදී, මේ මෝටර් රථය මහමග ගමන් කරන අතරතුර ඉක්මනින් හා පහසුවෙන්, ගුවනේ පියාසර කරන ගුවන් යානයක් බවට පත් කරගෙන පියාසර කළ හැකි ආකාරය පෙන්වා දෙන ලදී.
මෙම රථය මහමග ගමන් කරද්දී උපරිම වේගය පැයට සැතපුම් 99කි. එහෙත් ගුවන්ගත වන මොහොත වන විට වේගය පැයට සැතපුම් 90ක් විය යුතුය. ගුවන් යානයක් ලෙසින් එහි උපරිම වේගය පැයට සැතපුම් 124කි. එසේම සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ විට මෝටර් රථයක් ලෙස සැතපුම් 310ක් ධාවනය කළ හැකි අතර ගුවන් යානයක් ලෙස සැතපුම් 430ක් ධාවනය කළ හැක.
දැනටමත් මේ රථයට ගුවන් ගමන් සඳහා FAA (Federal Aviation Administration) අනුමැතිය ලැබි තිබුණද, මහා පිරිමාණ නිෂ්පාදනයක් සඳහා තවමත් සමාගමේ සැලැස්මක් නැතැයි වාර්තාවේ.
සීතා අබේසේකර
http://www.lakbima.lk
ඔහුගේ අනාවැකිය මල්පල ගන්වමින් ඊට වසර 9කට පසු එනම්, දෙවන ලෝක යුද්ධය අවසන් වී මඳ කලකට පසු මෝල්ටන් ටේලර් විසින් ඔහුගේ ප්‍රථම පියාසර කරන මෝටර් රථය නිපදවීය. එය එයරො කාර් (Aero car) ලෙස හැඳින්විණ. ඔහු වොෂිංටන්වල එයරො කාර් ඉන්ටනැෂනල් නමින් සමාගමක්ද ආරම්භ කොට එබඳු වාහන නිපදවීම පටන් ගත්තද එය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත නොවීය. ඔහු විසින් එයරො කාර් 6ක් පමණක් නිපදවීයයි ඉතිහාසයේ සඳහන් වෙයි.
නැවතත් පියාසර කරන මෝටර් රථයක් පිළිබඳ අසන්නට ලැබෙන්නේ 1973 දීය. හෙන්රි ස්මොලින්ස්කි (Henry Smolinsky) විසින් ෆෝඩ් පින්ටෝ වර්ගයේ මෝටර් රථයක පසුපසට සෙස්නා ස්කයි මාස්ටර් වර්ගයේ ගුවන් යානාවක පසුපස කොටස සම්බන්ධකොට පියාසර කළ හැකි මෝටර් රථයක් නිපදවීය. එය අවශ්‍ය විටෙක පසුපස කොටස ගලවා දමා කාරයක් ලෙස පමණක් පාවිච්චි කළ හැකිව තිබුණේ යයි සඳහන් වේ. 1974 දී එබඳු වාහන නිපදවා වෙළෙඳපළට නිකුත් කිරීමට ඔහු බලාපොරොත්තු වුවද 1973 සැප්තැම්බර් 11 ගුවන් නියමු හැරල්ඩ් බ්‍ලේක් හා ගිය අත්හදා බැලීමේ ගුවන් ගමනේදී එක් තටුවක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනාම මරුමුවට පත්විය. තටුව කඩා වැටීමට හේතුවී
නිරන්තරයෙන් අලුත් දේ සොයා යන්නවුන් නිසා සියල්ල කලින් කලට වෙනස් වෙයි. ඔවුහු තමන්ගේ නව සංකල්ප හෝ අන්‍යයන් විසින් කළ නව සොයාගැනීම් හෝ තවදුරටත් දියුණු කර එදිනෙදා කටයුතුවලදී මිනිසුනට අවශ්‍ය වන ප්‍රයෝජනවත් දෙයක් බිහිකරයි.
අද, ෙදෙනික කටයුතු සඳහා දිනපතා වාහන තදබදය හේතුවෙන් මහමග කාලය කා දමන මිනිසුන් වෙනුවෙන් නැවතත් පියාසර කරන මෝටර් රථයක් පැමිණ තිබේ. එය සාමාන්‍ය කාරයක් මෙන් මහමග ගමන් කළ හැකි අවශ්‍ය විටෙක ගුවන් ගතකළ හැකි දෙමුහුන් (Hybrid) වර්ගයේ වාහනයකි. එය හැඳින්වෙන්නේ රෝමොබිල් 2.5 ලෙසිනි.
එය හැරී පොටර් චිත්‍රපටයේ ජවනිකාවල මෙන් පාරේ ගමන් කරන විට, අවශ්‍ය වූ විටක අහසට පැන නැගී පියාසර කරන වාහනයක් පැදවීමට මිනිසුන් තුළ වූ සිහිනය මල්පල ගැනීමක් බඳුය.
මෙවර පියාසර කරන කාරය නිපදවා ඇත්තේ ස්ලොවේකියා ජනරජයේ බ්‍රැට්ස්ලාවා හි ස්ටෙෆන් ක්‍ලේන් හා ජුරාක් වැතුලින් දෙදෙනා විසින් මෙහෙයනු ලබන එයරොමොබිල් සමාගම විසිනි.
මේ රථය ගුවනේ ගමන් කරද්දී දෙපසට විහිදෙන තටු දෙකකින් යුක්ත වුවද අවශ්‍ය විටක ඒවා හකුලාගත හැකි බැවින්, සාමාන්‍යයෙන් ඉඩකඩ සහිත වාහන නවතා තබන අංගණයක වුවද නවතා තැබිය හැකිය. එපමණක් නොව, අනෙකුත් වාහනවලට මෙන් මෙයටද සාමාන්‍ය පිරවුම් හල්වලින් ඉන්ධන පුරවාගත හැකි වීමද තවත් විශේෂත්වයකි. අවශ්‍ය වන්නේ ඊයම් නොමැති සුපිරි ඉන්ධන භාවිතා කිරීමයි.
එයරොමොබිල් 2.5 යනු එම සමාගම නිපද වූ පියාසර කරන මෝටර් රථයේ වර්තමාන මොඩලයයි. මෙහි ගමන් කළ හැක්කේ රියැදුරුට පමණි. කිලෝ ග්‍රෑම් 450ක් බරැති මෙය කාරයක් ලෙසින් භාවිතා වෙද්දී පලලින් මීටර් 1 1/2කි. දිගින් මීටර් 6කි. ගුවන් යානයක් ලෙසින් එය පළලින් මීටර් 8.2ක් වේ. ඒ දෙපස තටු දිග හැරුනු විටය. මෙය, ඔවුන් 2014 දී එළිදැක්වීමට බලාපොරොත්තු වන එයරොමොබිල් 3.0 මෝටර් රථයේ අත්හදා බැලීම් වස් කළ ආදර්ශකයක් සේ සැලකිය හැකිය. එයරොමොබිල් 3.0 දැනට නිපදවා ඇති මෝටර් රථයට වඩා සැහැල්ලු හා වේගවත් වන අතර රියැදුරුට හා එක් මගියෙකුට ගමන් කළ හැකි ආකාරයෙන් නිපදවෙනු ඇත.
මේ අතරතුර 2010 දී එයරොමොබිල් 2.5 රථය සැලසුම් කර 2013 දී නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී. මේ වසරේ සැප්තැම්බර් මස කැනඩාවේ මොන්ට්‍රියල්හි එයරොටෙක් ප්‍රදර්ශනයේදී, මේ මෝටර් රථය මහමග ගමන් කරන අතරතුර ඉක්මනින් හා පහසුවෙන්, ගුවනේ පියාසර කරන ගුවන් යානයක් බවට පත් කරගෙන පියාසර කළ හැකි ආකාරය පෙන්වා දෙන ලදී.
මෙම රථය මහමග ගමන් කරද්දී උපරිම වේගය පැයට සැතපුම් 99කි. එහෙත් ගුවන්ගත වන මොහොත වන විට වේගය පැයට සැතපුම් 90ක් විය යුතුය. ගුවන් යානයක් ලෙසින් එහි උපරිම වේගය පැයට සැතපුම් 124කි. එසේම සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ විට මෝටර් රථයක් ලෙස සැතපුම් 310ක් ධාවනය කළ හැකි අතර ගුවන් යානයක් ලෙස සැතපුම් 430ක් ධාවනය කළ හැක.
දැනටමත් මේ රථයට ගුවන් ගමන් සඳහා FAA (Federal Aviation Administration) අනුමැතිය ලැබි තිබුණද, මහා පිරිමාණ නිෂ්පාදනයක් සඳහා තවමත් සමාගමේ සැලැස්මක් නැතැයි වාර්තාවේ.
සීතා අබේසේකර
http://www.lakbima.lk
10:54 PM
slnews
0 comments :
Post a Comment