ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක වීථි නාට්‍ය කණ්ඩායමකට පානදුර නගරයේදී පිරිසක් පහර දී තිබේ.
පොලීසිය පැවසුවේ, අද දහවල් එම වීථි නාට්‍ය කණ්ඩායම පානදුර බස් නැවතුම්පොළේදී මැතිවරණ ප්‍රචාරක නාට්‍යක් රඟ දැක්වීමට යාමේදී එහි සිටි පිරිසක් විරෝධය පලකර ඇති බව ය.
එහිදී ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදුකර තිබේ.
පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් දෙපාර්ශවයේම කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ වීධි නාට්‍ය කණ්ඩායමේ 8 දෙනෙකු පානදුර රෝහලට ඇතුලත් කර ඇති බව ය.
සිද්ධියේදී තමන්ට පහරදුන් බවට වූ පැමිණිලි දෙපාර්ශවයෙන්ම ලැබී ඇති අතර ඒ පිළිබද ලැබී ඇති පැමිණිලි දෙක පිළිබඳවම පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.
http://newsfirst.lk
9:14 PM
slnews
0 comments :
Post a Comment