දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් කඩිනමින් නොලැබෙන්නේ නම් එළැඹෙන නිදහස් දිනය කළු දිනයක් ලෙස උතුරේ සැමරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා 'මව්බිම'ට කීය. ශ්‍රී ලංකාවේ ජීවත් වන සිංහල ජනයාට පූර්ණ නිදහස ලැබී තිබුණත් දෙමළ ජනයාට මෙවැනි නිදහසක් ලැබී නැති බව කී හෙතෙම තම මේ තීරණය යෝජනාවක් ලෙස උතුරු පළාත් සභාවටත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කෙළේය.
ජනතාව විසින් තෝරාගත් උතුරු පළාත් සභාවට නිසියාකාරව කටයුතු කිරීමට අවශ්‍ය අවකාශය රාජපක්‍ෂ ආණ්ඩුව සලසා දිය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූ ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප්‍රජාව මුළා කරමින් සිටින බවකී ඒ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා උතුරු පළාත් ලේකම්වරිය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගත යුතුව තිබෙන බවද පැවැසීය.
තම බලාපොරොත්තු ඉටු නොවීම හමුවේ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ලබාදුන් ජනතාව තම සන්ධානය කෙරෙහි කෝපයෙන් සිටින බවද ඒ හේතුවෙන් මේ කළු දින විරෝධයට දෙමළ ජාතික සන්ධානයේ සියලුම සාමාජිකයන් සහ උතුරේ ජනතාවගෙන් සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් කීය.
http://www.mawbima.lk/34-49165-news-detail.html

8:21 PM
slnews

0 comments :
Post a Comment