රස කතාව මැද්දේ මං හිටියෙ නින්දේ
අපි හිටිය තැන ගැන කියලම වැඩේ පටන් ගමු... එතැන තිබුණා ලොකු මේසයක්... ඒක උඩ තිබුණා අපිව එහෙමපිටින්ම කණපිට හරවන්න දේවල් ගොඩක්... ඔබ දන්නවානේ ඒ මොනවද කියලා... ඒ නිසා මං අමුතුවෙන් කියන්න යන්නේ නෑ... කොහොමහරි අපි හිටිය තැන හිටිය දෙන්නගේ ජීවිතේ මාර පැත්තක් ගැන කියවන්න පටන් ගත්තා... අර ලොකු මේසේ උඩ මෙච්චර වෙලා නොඉඳුල්ව තිබුණු දෙක තුනක් දැන් ඉඳුල් වෙලා... ඒ ඉඳුල් වෙච්ච දුම අස්සෙන් අපේ කතාව ඔහේ ගලාගෙන යනවා... ඒ කතාවේ මාත් නොදන්නා ගොඩක් දේ ගැළපෙන්න පටන් ගත්තා... දැන් මට ඕනෑ කණපිට හැරෙන්නේ නැතිව ඉන්න... ඒත් ඒ වෙනකොට මාත් හිටියේ ඒ ගාණේ... මට ඇහිච්ච දේ නෙවෙයි මේ ලියන්නේ... මගේ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙච්ච දේයි මං ලියන්නේ... ඒ මොකද දන්නවද... නෑනේ ඔබ... රෙකෝඩර් එක එහෙමම තියෙද්දී මං පුටුවක කට කපලා බුදි... ඇත්තටම නිදියගත්තෙ මං මොකද කියලා පස්සේ කියන්නම්... එතකම් රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙලා තියෙන කතාව අහමු...
කොහේ කියලද කිව්වේ...
තවම... පාලම ගාව කිව්වා... තව පැය භාගයක්වත් යයි කිව්වා... හැබැයි ඉතිං එනවා කිව්වොත් එනවාමයි උෟ...
කීයට හරි...
කීයට හරි කියන්නේ දැං උන් ඇවිත්නේ... හැබැයි එනවා... එළිවෙන්න පැයක් තියලා හරි එනවා...
එතකොට වැඩක් තියෙයිද...
ඇයි වැඩක් නැත්තේ... ගිනි කිකිළියෝ දෙන්නෙක් එන්නේ... එකක් ටැමිල්... අනෙක සිංහල... අර ඉස්සරහ බොන සෙට් එක ටැමිල් එක තමයි ඉල්ලන්නේ... උන්ගේ බොස්ටලු... මෙතැන නෙවෙයි ඉන්නවා කිව්වේ... උන්ගේ තැනකට අරගෙන යනවලු... මට රූම් දෙකක ගාණ දෙන්නම් කිව්වා...
රූම් දෙකක් කිව්වේ...
රූම් එකක් අටසීයයි... නයිට් එක... ඒ කියන්නේ හවස හයට ඇවිත් උදේ හත විතර වෙනකම්... මොකද අපිට බෑනේ කස්ටමර්ව කඩා ගන්න. සෙනසුරාදා, ඉරිදා, පෝය, නිවාඩු දවස්වලට ගාණ වැඩියි. පොළ, මාර්කට් එක... ගොවිතැනේ අය... මේ හැමතැනින්ම සෙනඟ එනවානේ...
හරි මොකක්ද අර කතාව අර හේන් වැඩ කරලා එන අයගේ... මෙහෙට ඇවිත් නවතින...
මෙහෙමයි මේක ජනාකීර්ණ නගරයක්නේ... එක එක අය එනවා ටවුන් එකට හැමදාම වගේ... එහෙම එන එක්කෙනෙක් ඉන්නවා මාස හයකට සැරයයි එන්නේ... පොර කරන්නේ ගොවිතැන්... මාස හයක්ම ඉන්නේ කැලේ... ඊට පස්සේ වගා නෙළලා අස්වනු විකුණලා ඒ සල්ලි අරගෙන තමයි මෙහේ එන්නේ... හිතන්නකෝ මාස හයක් විතර කැලේ ඉඳලා මෑන් එන්නේ ගිනි අරගෙන... ආව ගමන් අහන්නේ "මල්ලී නැද්ද බං මොකක්හරි" කියලා...
නෑ...
නෑ... නෙවෙයි... උඹ දැක්කා නම් මෑන් ඒක අහන හැටි පිස්සු හැදෙනවා...
ඒ කිව්වේ...
අහන්නේ බං අත් දෙකම දරදඬු කරලා, ඇස් ලොකු කරලා, තොල කට ලෙවකාලා මාර විදියට...
ඉතිං...
එහෙම පුළුවන්ද බං... බය වෙනවනේ... මරන්න හොයනවා වගේ අහන්නේ... දන්න කෙනෙක් වුණත් බයයිනේ... මේ යකාගේ තියෙන ගායට මොනවා හරි කළොත්... ඉතිං මං දන්නේ නෑ කියනවා... ඊට පස්සේ දන්නවද වෙන දේ...
නෑ...
මෑන් යනවා පහළ මේ පේන පොළට... සුදු ෂර්ට් එක අඳින්නේ... දෙදහේ කොළ මිටියක් පේන්න දාගෙන ඉන්නේ උඩ සාක්කුවේ... කොහොම හරි මෑන් අල්ලනවා පොළට ආව ගෑනු කෙනෙක්...
සිරාවට...
සිරාවට කියන්නේ පයින් මෙහෙට එන්නේ... උඹ කියන්නේ එළවළු මල්ල, මස්, මාළු බෑග් මේවාත් අරගෙන තමයි බං ඒ ගෑනු එන්නේ... උඹ කියන්නේ සමහර වෙලාවට මිනිහයි ඒවා උස්සගෙන එන්නේ... එක පාරක් මෑන් එල්ලගෙන ආවා පිටේ අරන් එන්නේ මෙහෙම... උරහිසේ මාළු ලේ... ඒකත් අරගෙනයි රූම් එකට යන්න හැදුවේ... මං බෑ කියලා අමාරුවෙන් බෑග් දෙක කුස්සියේ තියලයි ඩබල ඇතුළට යැව්වේ... එහෙම මෑන් ඉන්නවා ඇවිත් දවස් හතරක් විතර... වියදම් කරනවා ලක්‍ෂයක් හරි... හැබැයි බං අකුරක් ලියන්න බෑ... කියවන්න බෑ... ෆෝන් නෑ... ෆෝන් එකට කතා කරන්නත් බයයි උෟ... මිනිස්සු බං... තවමත් ඉන්නේ කැලේම තමයි...
මොන වගේ කතාවක් මෑන් ගාව ඇද්ද...
මොනවා කියනවද... දවසක් පොර මට කිව්වා "මලේ... මං කැලේ උපන් මිනිහා... මං දන්නේ කැලේ ජීවත් වෙන්න... මට අලියෙක්ට වගේ මදනේ හැදෙන කාලයක් තියෙනවා... ඒ කාලෙට මට මැරෙන්න තරම් කේන්තියි... ඒකයි මං මෙහෙම එන්නේ... මගේ අමාරුව නිවෙනවා කියන්නේ බං සංසාරෙන් එගොඩ යනවා වගේ" කියලා...
මාරයි නේද මචං...
ඒක තමයි බං... මිනිස්සු කියන්නේ මාරයි...
මොනවද මෑන් කරන වගාව...
මොනවද ඉතිං මල්...
හරි දැන් මෙතැන මොකද වෙන්නේ... අර උදේ සුදු කැබ් එකේ ආවේ මුන්ගේ ලොක්කා නේද...
ඔව්...
මෑන් වයසයිනේ බං...
හරි... ඒකත් ඒ වගේම පට්ට සීන් එකක් තමයි...
ඒ කිව්වේ...
මෑන්ට ඕනෑ නෑ ගෑනියෙක් එක්ක නිදිය ගන්න...
එහෙනම්...
පොරට ඕනේ ගෑනි නිරුවතින් ඇවිදිනවා බලන්න... උෟට කවන්න ඕනේ... අතින්වත් අල්ලන්න ඕනේ නෑ...
බොරු...
බොරු නෙවෙයි බං... මේ ඉන්න එවුන්ම තමයි ඒක මට කිව්වේ... බොසාගේ මේ චර්යාව නිසා උන්ට පහළ වෙලා තියෙන්නේ නිධානයක්... උඹට කියන්න මේ බොසා ඉන්නවා නේද... එක දවසට දහදාහ දෙනවා පැයට...
ඒක නම් ඒ හැටි දෙයක් නෙවෙයි...
හරි මං කිව්වේ බං බලලා විතරයිනේ... බොසා කරන්නේ කෙල්ලට ඇවිදින්න කියලා බොන එක... පැය දෙකට බෝතලේ ඉවරයි... බෝතලේ භාගයක් යද්දී අරුන්ටත් කතා කරනවාලු බොන්න... ඊට පස්සේ බොසා බුදි...
මාරයිනේ බං...
ඔව්... හිතපන්කෝ... මේ ලංකාවනේ බං... මේවා අපට අරුම පුදුම දේවල් නෙවෙයි... අද මෙහෙම මේවා රහසේ වුණාට ඒ කාලේ අන්ත--පුරවල මේවා එළිපිටනේ වුණේ...
මචං මං නම් ඒ කාලේ හිටියේ නෑ...
ඉතිං මං නිදියගත්ත හේතුව කිව්වේ නෑනේ ඔබට... මං පුටුවේ කට කපලා එහෙම නිදිය ගත්තේ ඊට ඉස්සෙල්ලා දවසේ රෑ එළිවෙනකම් මෙහෙට එනතුරු එක දශමයක් නිදියන්න මගේ හොඳ රියැදුරු මහත්තයාගේ ඉවරයක් නැති කට ඉඩදුන්නේ නැති හින්දා...
කතාව - අනූ එදිරිසිංහ
10:56 PM
slnews
0 comments :
Post a Comment