Tuesday, February 25, 2014



පෙළපාළි නෑ උද්ඝෝෂණ නෑ දේශපාලනය එපා - බොදු බල සේනාවෙන් ප්‍රතිඥා
* බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පක්‍ෂ දේශපාලනයට යෑම නොකළ යුතුයි.
* මින් ඉදිරියට බොදු බල සේනාව පෙළපාළි,

උද්ඝෝෂණ කරන්නේ නැහැ.

* අපි බුදුරදුන්ගේ කාලයටත් වඩා එහාට ගොස් තලේබාන්වරු වෙන්න සුදුසු නැහැ.

බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එසේ සඳහන් කරමින් දේශපාලනය ඉතා වැදගත් බැවින් අප කළ යුත්තේ දේශපාලනයට අවශ්‍ය මිනිසුන් තනන එක මිස අපි දේශපාලනයට යන එක නෙවේ යැයි පවසති. බොදු බල සේනා මූලස්ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ඥානසාර හිමියෝ හාමුදුරුවරු ස්වල්ප දෙනෙක් කරන අකටයුතු වැඩ නිසා මේ රටේ මිනිසුන්ට බුද්ධාගම එපාවන තත්ත්වයට පත්ව ඇතැයිද පැවැසූහ.

අමරපුර සංඝ සභාවේ එක් පාර්ශ්වයක් එම පාර්ශ්වයට අයත් භික්‍ෂුන් වහන්සේට දේශපාලනය කිරීම තහනම් කර ඇති බව මාධ්‍යවේදියකු විසින් පෙන්වා දුන් අවස්ථාවේ ඥානසාර හිමියෝ ඉහත ප්‍රකාශය කළහ.

අමරපුර සංඝ සභාවේ එක් පාර්ශ්වයක් ගෙන ඇති එම තීරණය වැදගත් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
බොදු බල සේනාවෙන් ඉවත් කළ බව පවසමින් එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් සී.ඩී. පටයක් මඟින් ජනතාවත්, මාධ්‍යයත් නොමඟ යවමින් කටයුතු කරන බවද එම භික්‍ෂුන් වහන්සේ බොදු බල සේනාවට අයත් නොවන බවද ඥානසාර හිමියෝ පැවැසූහ.

දරුණු ගණයේ අපරාධකරුවකු ගැන හෙළිදරව් කිරීමට මේ මාධ්‍ය හමුව කැඳවූ බව සඳහන් කළ ඥානසාර හිමියෝ භික්‍ෂු වෙස් අරගෙන සොරුන්, අපරාධකාරයන්, කොල්ලකාරයන් සිටින බවද එය මැඬපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද කීහ.
එම පාපී පුද්ගලයා දිගින් දිගටම වධ දුන්නා. ඔහු නිකුත් කළ වීඩියෝ එකේ තියෙනවා. බොදු බල සේනාව කුලභේදය නිසා ඔහු එළවා දැමුවා කියල. බොදු බල සේනාවේ කුල භේදයක් නැහැ. මේ පුද්ගලයා දැන් කලපළුවාවේ පුරාණ විහාරයට ගොස් එම විහාරස්ථානයේ දායකයන් නොමඟ යවමින් කටයුතු කර පන්සල් අතර භේද ඇතිකර තිබෙනවා යැයිද උන්වහන්සේ පැවැසූහ.

මර්වින් සිල්වා ඇමැතිතුමා බාප්පා බව ඔහු පවසනවා. තවත් ඇමැතිවරුන්ගේ, නිලධාරීන්ගේ නම් විකුණනවා. මේව මොන විදියට ක්‍රියාත්මක කරනවද කියල අපි දන්නෙ නැහැ. මොහු අවුරුදු පහේ, හයේ පුංචි ළමයි දසදෙනෙක් විතර සිවුරු පොරවා ආධාර එකතු කිරීමට යොදා තිබෙනවා. කලපළුවාව පුරාණ විහාරස්ථානයේ දායිකාවක්් මුළාකර ඇය සතු ඉඩමක් ලියවා උකසට තබා මුදල් ලබාගෙන තිබෙනවා. මේ පුද්ගලයා ඒ ප්‍රදේශයේ අයගෙන් ශීතකරණ තුනක් ලබාගෙන විකුණලා. නුවරඑළියේ වටරැක ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් කෝටියක පමණ වටිනා ඉඩම් පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන තිබෙනවා. ඒවායේ ඔප්පු මා ළඟ තිබෙනවා යැයිද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

සිවුරු පොරවාගත් මොහුට විරුද්ධව ජනාධිපතිතුමාට, බුද්ධ ශාසන ඇමැතිවරයා හැටියට අගමැතිතුමාට, පොලිස්පතිතුමාට, දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දුන්නත් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. මොහුට විරුද්ධව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනවා. මේ අහිංසක ළමයි යොදාගෙන සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුයි ඥානසාර හිමියෝ කීහ.
හිත හොඳ හාමුදුරුවෝ නමින් කටයුතු කරන ඔහු ත්‍රිරෝද රථ පහක් එක් එක් අයට ලබාදී ඇති බවටද තොරතුරු වාර්තා වී ඇතැයිද උන්වහන්සේ පැවැසූහ.
කලපළුවාව සුදර්ශනාරාම විහාරාධිපති උළුවිටියේ අනුරුද්ධ, බොදු බල සේනා ජාලයේ සංවිධායක ඇඹිලිපිටියේ විජිත හිමිවරුද මෙහිදී අදහස් පළ කළහ.

http://www.mawbima.lk/86-52166-news-detail.html

0 comments :

Post a Comment