Thursday, March 13, 2014

චන්ද්‍රිකා කරන්න හදන්නේ දෝන කතරිනා කල පාවාදීමයි
හිටපු ජනාධිපතිනිය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල බළල් අතක් විය හැකි බව ජාතික හෙළ උරුමය පජෂය පවසයි. එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මෙසේද කීවේය.
‘අපේ රටේ ආගමික නිදහස නැහැ, ආගමික සංහිඳියාවක් නැහැ, මේ රටේ බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ආගමිකයින්ට හිරිහැර සිදුවෙනවා, ඒ වගේම අන්‍යාගමිකයන්ගේ නිදහසට නිරන්තරයෙන් පීඩා කරනවා කියන බරපතල චෝදනා එල්ල කිරීමට චන්‍ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය කටයුතු කරලා තියෙනවා. දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය මගින් තමයි මේ වාර්තාව එළි දක්වලා තියෙන්නේ. එම ආයතනයේ සභාපතිනිය වශයෙන් එතුමිය වාර්තාවක් එළිදක්වමින් කියා සිටිනවා හින්දු, කිතුනු, මුස්ලිම් ආගමික ප‍්‍රජාවන්ට හිරිහැර කරනවා, ඔවුන්ගේ ආගමික ස්ථාන වලට පහර දෙනවා, ඒවගේම ඒ අයගේ ආගමික නිදහස උල්ලංඝනය කරලා තියෙනවා කියලා. මේ චෝදනා ඉතාමත් බරපතල චෝදනා විදිහටයි අපි දකින්නේ.
මෙවැනි කිසිදු පදනමක් නැති සාක්‍ෂි නැති නොයෙක් වාර්තා ජාත්‍යන්තරයට අරන් ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් අපේ රට හුදකලා කරන්න, කොටු කරන්න කටයුතු කරනවා වගේම අපේ රට මානව හිමිකම් නැති, මාධ්‍ය නිදහස නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති, ඒවගේම නීතියේ ආධිපත්‍ය නැති රටක් විදිහට තහවුරු කරන්න, හංවඩු ගහන්න හදන වැඩපිළිවෙලේ තවත් එක අදියරයක් තමයි මේ. චන්‍ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය අද ජාත්‍යන්තර බලවේග වල වගේම රාජ්‍ය නොවන සංවිධාන වල අතකොඵවක් බවට පත්වෙලා තිබෙනවා.
චන්‍ද්‍රිකා මැතිණියට දේශපාලනිකව ඉදිරියට ගේන්න කටයුතු කරපු බලවේග රාශියක් හිටියා. ඒ අතර ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල කාර්යභාරයක් කරා සේම ඔවුන් නොයකේ ආකාරයෙන් මෙතුමියව කරලියට ගෙනඒමේ මෙහෙයුමක නිරතව සිටිනවා. ඒ නිසා චන්‍ද්‍රිකා මැතිණිය අද ඉෂ්ට කරමින් ඉන්නේ කාගේ කොන්තරාත්තුවද කියන එක පැහැදිලියි.
මේ රටේ ආගමික සහජීවනය නෑ කියන්න මොනවද තියෙන සාක්‍ෂි? මොනාද තියෙන තොරතුරු? යම් යම් සිදුවීම් ලෝකේ  ඕනම රටක සිදුවෙන්න පුඵවන්. නමුත් එකම සිදුවීම නැවත නැවතත්, නැවත නැවතත් සිදුවෙනවනම් අපිට කියන්න පුඵවන් අන්න එහෙම රටක ආගමික අයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදය පැවති සමයේ අපිට මතකයි ඒ ප‍්‍රදේශවල තිබුණ බෞද්ධ අයිතින් අහිමි වුනා. එහෙ තිබුණු බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරා. බෝධීන් වහන්සේලා විනාශ කළා. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේට ප‍්‍රහාරය එල්ල වූයේ චන්‍ද්‍රිකා මැතිණිය කාලේ. එතකොට කවුරුත් හිටියද බෞද්ධයාගේ ආගමික අයිතිවාසිකම් ගැන කතා කරන්න. ලෝකයේ කතෝලික ප‍්‍රජාවට කොතරම් දුරට වතිකානුව වැදගත් වෙනවාද?මුස්ලිම් ජනතාවට මක්කම කොතරම් දුරට වැදගත් වෙනවාද? ඒ හා සමාන වැදගත්කමක් දළදාවහන්සේ සම්බන්ධව බෞද්ධයන්ටත් තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න  ඕනේ ශී‍්‍ර මහා බෝධියට පහර දුන්නා. එතන බෞද්ධ උපාසිකාවෝ සිය ගණනක් ඝාතනය කළා. දළදාවහන්සේට පහරදුන්නා. අරන්තලාවේ දී භික්‍ෂූන්වහන්සේලා ඝාතනය කළා. දිඹුලාගල නායක හාමුදුරුවෝ ඝාතනය කළා. භික්‍ෂූන්වහන්සේලා විශාල ප‍්‍රමාණයක් ඝාතනය කළා. ඒ කාලේ ඔය කවුරුත් පරීක්‍ෂණ පවත්වන්න වාර්තා සකසන්න ආවේ නෑනේ. දැන් ඔය ආගමික සහජීවනය ගැන වාර්තා සකස් කරන කවුරුත් එදා හිටියේ නෑ. ඒ නිසා අපිට ඉතාම පැහැදිලිව පේනවා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරන්න කරන කුමන්ත‍්‍රණයක් මේක. හිටපු ජනාධිපතිනිය මෙහි කොටස්කරුවෙක්.
අපි දන්නේ නෑ රටේ ගෞරවය මේ ආකාරයෙන් නැතිකරනවාට එතුමියට ඩොලර් වලින් කීයක් හම්බවෙනවාද කියලා. අපි ඉතාමත් පැහැදිළිව කියනවා මේ රටේ සිදුකෙරීගෙන යන සිංහල බෞද්ධ විරෝධී වැඩපිළිවෙලේ තවත් එක කොටසක් මේ. ජාතික ආගමික වශයෙන් රට බෙදන්න සිදුකරන මේ දුෂ්ඨ වෑයම සේම චන්ද්‍රිකා මැතණියගේ විසකුරු වාර්තාවත් පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. එ් වගේම අපි කියනවා, ඔය වාර්තාව අරගෙන එන්න අපි ගාවට, අපි උත්තර දෙන්න සූදානම්. විපක්ෂ නායකතුමාට විතරක් නෙවෙයි ඔය වාර්තාව රටේ මහානායක හිමිවරුන්, මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන වල ඉදිරියට ගේන්න. අපි සූදානම් ඔය වාර්තාව පිළිබඳ සාකච්ඡ කරන්න. රටේ බෞද්ධ ජනතාවගේ ආගමික අයිතීන් වලට මොනාද වෙලා තියෙන්නේ? අනෙකුත් ආගම් වල අයිතීන්ට මොනාද වෙලා තියෙන්නේ කියන එක චන්ද්‍රිකා මැතිණියටත් එන්.ජී. ඕ. නඩයට වගේම ලෝකයටම පැහැදිළි කරලා දෙන්න අපි සූදානම්.
චන්ද්‍රිකා මැතිනිය නෙවෙයි රටට සතුරු කවර බලවේගයක් වුවත්, සිංහල ජනතාවට රැහැණි දේශද්‍රෝහි කවරෙකුට වුවත් මුහුණ දෙන්න අපි සූදානම්. ජාතික හෙළ උරුමය විදිහට, ජාතික බලවේගය විදිහට අපි එදා චන්ද්‍රිකා මැතිණිය ගෙදර යැව්වා. දොන් ජුවන් ධර්මපාල එක්ක එකතු වෙලා දෝන කතිරිනා සිදුකරන්නට යෙදුනු එ් වැඩපිළිවෙල නම් ඉස්සරහටත් ගෙනියන්නේ අපි හෙටත් ඊට මුහුණ දීමට සූදානම්’
මාධ්‍ය එ්කකය
ජාතික හෙළ උරුමය.

http://lankacnews.com/sinhala/news/111965/

0 comments :

Post a Comment