ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් ව ඇති යෝජනා සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු නොවූ බවත් ඒවා අධ්‍යයන කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුනු බවත් ඉන්දීය අගමැති මන් මෝහන් සිංග් පවසා සිටී.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ බුරුමයේ පැවැති බිම්ස්ටේක් සමුළුව සදහා සහභාගීව ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුවය.
මෙම හමුවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාට උතුරේ පවතින ගැටලු සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කළ අතර එහිදී උතුරේ පළාත් සභාව සමග කිසිදු ගැටලුවක් නොමැතිව කටයුතු කිරීමටත් උතුරේ නොවිසදුනු ගැටලු සම්බන්ධයෙන් රජය මූලිකව කටයුතු කිරීමටත් පොරොන්දු වී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍ය ෂල්මන් කුර්ෂිඩ් බුරුමයේ සිට පැමිණෙමින් සිටි අතරවාරයේදීද ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර එහිදීද ඔහු පවසා ඇත්තේ දෙරට අතර නායකයින් දෙපළගේ හමුවේදී ලංකාව හා ඉන්දියාව අතර ධිවර ගැටලුව සම්න්ධයෙන්ද කතිකා වූ බවත් ධීවරයින් අත්අඩංගුවට පත් වීම, මුහුදු සිමා උල්ලංඝණය යන කරුණු පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් දක්වා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දක්වා ඇති බවත්ය.
http://sinhala.theindependent.lk/index.php/news2/3422-2014-03-06-02-49-40
12:30 AM
slnews
0 comments :
Post a Comment