ලොකු සේවයක් කරපු ජනාධිපතිතුමාව විදුලි පුටුවේ තියන්න අද සමහරුන් උත්සාහ කරනවා. එහෙම කරන්ඩ එතුමා මොන වරදක් කරලාද? රටත් ජනතාවත් කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම වරදක්ද? නමුත් මේ රටේ කෘතගුණ සලකන ජනතාව ජනාධිපතිතුමා වෙනුවෙන් විදුලි පුටුවට යන්ඩ වුණත් ලෑස්තියි යනුවෙන් වරාය මාර්ග සංවර්ධන හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වත්තලදී පැවැසීය.
මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා පක්ෂය තුළ අභියෝග තිබුණා. එතුමා මේ රටේ ජනාධිපති වෙනවා දකින්නට අකැමැති පිරිසකුත් එදා පක්ෂය තුළ හිටියා. නමුත් රටේත් අපේත් වාසනාවට එතුමා ජනාධිපති ධුරයට පත්වුණා.
අපි ගමන් බිමන් ගියේ මොන තරම් බයෙන්ද? චෙක් පොයින්ට් මොනතරම් තිබුණාද? හැඳුනුම්පත් පරීක්ෂා කරන්න මොනතරම් වෙලාවක් පෝලිම්වල ඉන්න සිද්ධ වුණාද? බැරි වෙලාවත් ද්‍රවිඩ ජාතිකයෙක් පෝලිමේ හිටියා නම් මොන තරම් අපහසුවකට පත්වෙන්න සිද්ධ වුණාද?
මීළඟ ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමටත් ඇමෙරිකාව සුදානම් වෙනවා. ඔබාමාට අවශ්‍ය වෙලා තියෙන්නේ කොන්ද පණ නැති නායකයෙක් ලංකාවේ ජනාධිපති කරලා ඇමෙරිකාවට ඕනෑ විදියට අපිව නටවන්නයි. බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙක ඉතා ඉහළින් ජයග්‍රහණය කරවා පෙන්වීමෙන් ඇමෙරිකාවට හොඳ පිළිතුරක් දෙන්න අපට පුළුවන්.
http://sinhala.theindependent.lk/
10:07 PM
slnews
0 comments :
Post a Comment