ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල සාමාජිකයන් හතරදෙනෙකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 59,001ක් බව ජ්‍යෙෂ්ඨ ඇමති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය, ග්‍රාමීය ප්‍රදේශවල පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 37,561ක් බවද, වතුකරයේ පවුලක මාසික වියදම රුපියල් 2,9779ක් බවද හෙතෙම කීවේය, නාගරික ගෘහ ඒකකයක ආහාර සදහා රුපියල් 18,513ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 40487ක්ද මාසිකව වියදම් වන අතර, ග්‍රාමීය ගෘහ ඒකකය ආහාර සදහා වියදම රුපියල් 14,704කි, ආහාර නොවන ද්‍රව්‍ය සදහා වියදම රුපියල් 22,857ක් වේ, වතු ක්ෂේත්‍රෙය් ගෘහ ඒකකයට ආහාර සදහා රුපියල් 14,779ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 15,000ක්ද මාසික වියදම බව ඇමැතිවරයා කීවේය, එක් පවුලකට ජීවත්වීම සදහා දිස්ත්‍රික්ක අනුව වැඩිම වියදම කොළඹ දිස්ත්‍රික්කය හිමි කරගෙන ඇ,ත එහි මුළු වියදම රුපියල් 63030ක් වේ, ආහාර ද්‍රව්‍ය සදහා රුපියල් 19246ක්ද, ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 43,784ක්ද වියදම වන බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය
http://www.sanuhare.com/
7:49 PM
slnews

0 comments :
Post a Comment