ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර ලංකා දේශපාලන වංශ කතාවේ පෙරළිකාර චරිතයකි. වාමාංශිකයෙකි. 1970 දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී වර්තමාන මැතිසබය ද නියෝජනය කරන දෙතුන් දෙනාගෙන් එක් අයෙකු වන ඔහු වරක කථානායක අසුනේ වාඩි වූවේය සෙංකෝලය පැහැරගත්තේය. මැතිසබයට මල් වඩමක් ගෙන ගියේය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ධුරය දරන කාලයේ ඔහුගේ සටන් සගයාද මිතුරාද වූයේ වාසුදේවය. ඔහු මහින්ද සමග පාදයාත්‍රාව සංවිධානය කළේය. එජාපයට එරෙහිව මහින්ද සමග ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියේය. පහත පළ වන්නේ වාසුගේ මේ පෙරළිකාර සටන්කාමී දේශපාලන ගමනේ මතක සටහන් පෙළක පළමු කොටසය.
සම්පූර්ණ නම?
දෙල්ගහවත්තගේ වාසුදේව වික්‍රමතිලක නානායක්කාර
වයස?
මේ සිකුරාදාට මට අවුරුදු හැත්තෑපහක් පිරෙනවා.

උපන් දිනය?
එක්දහස් නමසිය තිස් නවයේ ජනවාරි තුන්වැනිදා.

ඉපදුනේ?
හිනිදුම්පත්තුවේ උඩලමත්තේ. ගාල්ලේ සිට කිලෝමීටර් විසිපහක් විතර දුරින් තමයි උඩලමත්ත තියෙන්නේ.

ගම?
ගාල්ලේ, උණවටුන, මැටරඹ. උඩලමත්ත කියන්නේ අපේ මුත්තාගේ ගම. දෙවැනි ලෝක යුද්ධය කාලේ ගාල්ලටත් තර්ජන ආපු නිසා අපේ පවුලේ අය යළිත් වරක් උඩලමත්තට ගියා. යුද්දෙ නිසා වාහනවලට ගහන්න තෙල් තිබුණේ නෑ. මේ නිසා මහ රෑ බර කරත්තවල නංවාගෙන තමයි අපිව උඩලමත්තට රැගෙන ගිහින් තියෙන්නේ.

පියාගේ නම?
ෆ්‍රැන්සිස් නානායක්කාර. ඔහු මුලින්ම ව්‍යාපාර කළා. පසුව ඉඩම් හිමි වැවිලිකරුවෙකු වුණා.

මවගේ නම?
අයිරින් නානායක්කාර. ඇය සමාජ සේවා කටයුතුවලට උනන්දුවක් දැක්වූවා. මහිලා සමිතියේ ව්‍යාපාරයේ මෙන්ම භික්ෂුණි ශාසනය යළි ආරම්භ කිරීමට ක්‍රියාකාරිනියක වුණා.

සහෝදර සහෝදරියන් ගණන?
අපේ පවුලේ සහෝදර සහෝදරියන් ගණන දහදෙනෙක්..පිරිමි හයදෙනයි ගෑනු හතරදෙනයි.

ඔබගේ සහෝදරයන් අතරින් යසපාලිත නානායක්කාර සිනමාකරුවෙකු වෙන්නත්, හේමකුමාර නානායක්කාර සිංහල බෞද්ධකම හා කෘෂිකර්මය පදනම් කරගත් දේශපාලනඥයකු වෙන්නත්, ඔබ වාමාංශිකයෙකු වෙන්නත් පසුබිම කුමක්ද...?
අපේ ලොකු මල්ලී සිනමාවේදියෙකු විතරක් නොවේ. විජය කුමාරතුංගගේ මහජන පක්ෂයෙන් ඡන්දය ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කළා. අපි දෙන්නා අදහස්වලින් ළඟයි. නමුත් හේමකුමාර ඈතයි. මා හිතන විදියට, එසේ වූයේ එක එක්කෙනා ලැබූ ආභාෂය නිසා වෙන්නැති. මගේ ගුරුවරුන්ගෙන් ලැබුණු ආභාෂය හා මා සිටි ඓතිහාසික සංදර්භය තුළ මා වාමාංශික දේශපාලනයට නැඹුරු වුණා.
කුඩා කාලයෙත් යසපාලිත මල්ලී සිනමාවට කැමැත්තක් දැක්වූවාද..?
හපෝ ඔව් ඉස්කෝලේ යන කාලයේ අපට පින්තූර කපලා අලවා ගන්න පොතක් තිබුණා. මගේ දේශපාලන නැඹුරුතාව නිසා මම මගේ පොතේ අලවන්නේ වාමාංශික දේශපාලනඥයන්ගේ පින්තූර. නමුත් ලොකු මල්ලිගේ (යසපාලිත) පොතේ පිරිල තියෙන්නේ නළු නිළියන්ගේ පින්තූරවලින්. ලොකු මල්ලිගේ මේ වැඩේට අපේ මව හරිම විරුද්ධයි. මේ නිසා මව ලොකු මල්ලිගේ පින්තූර පොත් පුච්චනවා.

ඔබ ඉස්කෝලේ ගියේ?
අපේ පවුලේ ඔක්කොම මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙට. (මිහිරිපැන්න විදුහලට) ඊට පස්සේ අපි සියලු දෙනාම නගරයේ ඉස්කෝලවලට ආවා. මම කෙටි කාලයක් ගාල්ල විද්‍යාලෝක විදුහලට ගිහින් තමයි රිච්මන්ඩ් විදුහලට ඇතුළු වුණේ.

ඉස්කෝලෙ යන කාලයේ පාපන්දු ක්‍රීඩා තරගයකදී ඔබ තැබූ වාර්තාව ගැන තිබෙන රසවත් කතාව මොකක්ද...?
මම රිච්මන්ඩ් විදුහලේ කනිටු පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. මම ගෝල් කීපර්. අපේ පාසල හා ඇලවිෂියස් විදුහල අතර වාර්ෂික පාපන්දු තරගයක් තිබුණා. ඇලවිෂියස් විදුහල පාපන්දුවලට බොහෝ ප්‍රසිද්ධයි. ඔවුන් එදා පැවැති තරගයේදී අපට එරෙහිව ගෝල් විසි එකක් ගැහුවා. ඒක තවමත් ගාලු ක්‍රීඩා පිටියේ වාර්තාවක්. මම ගෝල් කීපර් නිසා ඔක්කොම වැරැදි ගියේ මගේ පිටින්. නමුත් සමස්තයක් හැටියට අපේ කණ්ඩායමේ දුර්වලතා තිබුණා. ඒ වුණාට ඔක්කොම ගෝල් යන්නේ මගේ අත ළඟින් නිසා මම වැරැදිකරු වුණා.

කථානායක චමල් රාජපක්ෂ ඔබගේ ගෝලයකු වුණේ කොහොමද...?
මම උසස් පෙළ විභාගය කරලා නීති විදුහලට යනකම් කාලයක් රිච්මන්ඩ් විදුහලේ ඉගැන්වූවා. ඒ කාලයේ චමල් රාජපක්ෂ හත්වැනි වසරේ ශිෂ්‍යයෙක්. චමල්ලාට ඉතිහාසය, සාහිත්‍ය හා සිංහල ඉගැන්වූයේ මමයි.

ඒ කාලයේ චමල් කෙබඳු චරිතයක්ද...?
අද වගේ තමයි වෙනසක් නෑ. බොහොම නිහඬයි. නමුත් බොහොම ගැඹුරුයි. අධිෂ්ඨානශීලීයි. මම සම සමාජ පත්තරය ඉස්කෝලයට ගෙනගියාම චමල් පත්තර ටිකක් විකුණන්න ගන්නවා. ඒ වාමාංශික ආභාෂය තවමත් ඔහුට තිබෙනවා. චමල් මහින්දටත් වඩා වමට බරයි. චමල් ඒ කාලේ පටන් පෙනී සිටියේ පොදු වුවමනාවන් වෙනුවෙන්. ඔහු බොහෝ නිහතමානී චරිතයක්. ඒ වගේම අහිංසකයි.

පාසල් අධ්‍යාපනයෙන් පසු ඔබ මොනවද කළේ?
ඇක්වයිනාස් විදුහලෙන් ලන්ඩන් උසස් පෙළත් කළා. ඊට පස්සේ නීති විදුහලට ගියා.

නීති විදුහලට ඇතුළු වුණේ?
එක්දහස් නමසිය පනස් අටේ.
එක්දහස් නමසිය පනස් අටේ.
නීති විදුහලේ සමකාලීනයෝ කවුද..?
නන්දසිරි ජසෙන්තු ලියනගේ, හිටපු නීතිපති සුනිල් ද සිල්වා, හිටපු අගවිනිසුරු හේමා බස්නායකගේ පුතා වන වරුණ බස්නායක, නීල් ඩයස්, පාලිත වනසුන්දර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති හා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් වැනි අය මා සමග නීති පීඨයේ ඉගෙන ගත්තා. ඒ කාලයේ මා සමග සිටි බොහෝ දෙනා එක්කෝ මිය ගිහින් නැතිනම් දැන් ඔවුන් නීති වෘත්තියේ යෙදෙන්නේ නෑ.

උතුරේ මහඇමැතිවරයා ඔබගේ මස්සිනා වීමට අඩිතාලම වැටුනේ නීති විදුහලේදීද...?
ඔව්.. අපි දෙන්නා හොඳ යාළුවෝ. නීති විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ මා දැරූ සභාපති ධුරයට ඊළඟට මම නම් කළේ විග්නේෂ්වරන්. ඔහු ශිෂ්‍ය සංගමයේ ඡන්දයෙන් දිනලා සභාපති ධුරයටත් පත් වුණා. ඔහුත් මමත් විවාහ වීමෙන් පසු අපගේ පවුල් අතරත් කිට්ටු මිත්‍රත්වයක් ඇති වුණා. මේ සම්බන්ධය නිසා තමයි මගේ දුව ඔහුගේ පුතා සමග විවාහ වුණේ.

ඇත්තද ඔබේ පියා ඔබට වඩා විග්නේෂ්වරන්ට ආදරේ කියන්නේ...?
මම තාත්තාගේ වතුවල කර්මාන්තශාලාවේ පරිපාලන වැඩවලට උනන්දුවක් දක්වන්නේ නෑ. නමුත් නීති විදුහලේ ඉගෙන ගන්නා කාලයේ මිනිහ අපේ ගෙදර ගියාම අපේ තාත්තා සමග ලොකු කතා දානවා. තාත්තාගේ වතු ගැන අහන කවුරුහරි හමුවුනාම තාත්තාට හරිම සතුටුයි.

ඔබ විවාහ වුණේ...?
හංවැල්‍ලේ පදිංචිකාරියක වන වසන්තා තිලකා ගුණසේකර සමග. ඇය මට හමුවූයේ නීති විදුහලේදී.

තුන්දෙනෙකු ඉන්නවා. ලොකු පුතා චිරංජය. ඔහුට නම තැබුවේ කොටගම වාචිස්සර හාමුදුරුවෝ. ඔහු නීතිඥයෙක්. ඔහු දෙවැනි උපාධිය ඇමෙරිකාවේ හදාරා ඒ රටේ සමාගමක සේවය කරනවා. මගේ දෙවැනි පුතා සංඛජය. ඔහුට නම තැබුවේ විග්නේෂ්වරන්.. සංඛජය සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. දැන් ඔහු අපේ අමාත්‍යංශයේ උපදේශකවරයෙක්. මගේ දුව තරුෂි. ඇය තමයි විග්නේෂ්වරන්ගේ ලේලිය. ඇය විශේෂ අවශ්‍යතා හා විශේෂ හැකියාවන් සහිත දරුවන් පිළිබඳ විශේෂඥවරියක්.
ඔබ වාමාංශික දේශපාලනයට යොමු වුණේ කොහොමද...?
රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්න කාලයේදී. පොතපත ඉතිහාසය, ප්‍රජාචාරය, ගුරුවරුන්ගේ හා මිතුරන්ගේ ආභාෂයෙන් තමයි වාමාංශික දේශපාලනයට නැඹුරු වුණේ. අපේ පාසලේ ආදි සිසුන්වන විජයානන්ද දහනායක හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගේ ආභාෂයත් මා දේශපාලනයට පැමිණීමට එක හේතුවක් වුණා. දහනායක පදිංචිවෙලා හිටියේ අපේ ඉස්කේලේ වැටමායිමේ. දහනායක, කන්නන්ගර මෙන්ම ගිරුවාපත්තුවේ ඩී.ඇම්. රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂයන් අපේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඔවුන් වාමාංශික අදහස් දැරුවන්. ඩී.ඒ. නම් වාමාංශිකයකුම නොවේ. නමුත් ඩී.ඇම්. තද වාමාංශිකයෙක්. මේ අය අපේ ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයෝ. අපට වඩා අවුරුදු දහය පහළොවකට කලින් ඉගෙන ගත්තත් අපේ ආදි ශිෂ්‍යයෝ නිසා අපි ඔවුන්ගේ දේශපාලනය ගැන සැලකිල්ලක් දැක්වූවා.
ඒ වගේම තමයි අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන බලපිටියේ හිටපු මන්ත්‍රී විලියම් සිල්වා ගැන මට තිබුණේ විශාල ආඩම්බරයක්. ඔහු ශිෂ්‍යයකු හැටියට එංගලන්තයේ ඉගෙන ගත්ත කාලයේ ජොමෝ කින්නියාටා සමග සමීප සබඳතා පැවැත්වූවා. ජොමෝ කෙන්නියාවේ නිදහස් සටන මෙහෙයවන වෙලාවේ විලියම් සිල්වා හා ඔහුගේ පියාගෙන් මුදල් ගෙන්වාගෙන කෙන්නියාවේ නිදහස් සටනට උපකාර කළ අයෙක්.

ඔබ වාමාංශිකයකු වුවත් ඉස්කෝලේ යන කාලේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටත් සහය දුන්නා නේද...?
එතකොට මට අවුරුදු දහතුනක් විතර. අපේ පවුලේ තිබුණේ එජාප පසුබිමක්. ඒ නිසා කුඩා කාලයේ මමත් එජාපයේ මොන්ටේගු ජයවික්‍රම එජාපයෙන් වැලිගමට ඉල්ලන වෙලාවේ ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වුණා.

අවිස්සාවේල්ලෙන් දේශපාලනය පටන් ගත් ඔබ කිරිඇල්ලෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි...?
මම අවිස්සාවේල්ලට ගියේ විවාහය නිසා. මගේ බිරියගේ බාප්පා තමයි සම සමාජයේ හිටපු නායකයකු වන චන්ද්‍රා ගුණසේකර. ඔහු මෙන්ම පක්ෂය මට කීවා අවිස්සාවේල්ලට යන්න කියලා. මොකද පිලිප් ගුණවර්ධනට සටනක් දෙන්න කවුරුවත් හිටියේ නැති නිසා. පිලිපුත් අපේ බිරියගේ නෑදෑයෙක්. මේ අතරේ හැත්තෑවේ ඡන්දයට ශ්‍රීලනිපයත් සම සමාජයත් එකඟතාවකට ඇවිල්ලා තමයි අපේක්ෂකයන් නම් කළේ. ඒ වෙලාවේ ශ්‍රීලනිපය කීවා අවිස්සාවේල්ල දෙන්න බෑ කියලා. මේ නිසා මම කිරිඇල්ලෙන් ඡන්දය ඉල්ලුවා. කිරිඇල්ල කියන්නේ දැන් ඇහැළියගොඩ ආසනයයි.

ලංකාවේ මාක්ස් වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන හැත්තෑවේ ඡන්දයෙන් අවිස්සාවේල්ලෙන් පරාජය වුණා. යම් හෙයකින් ඔබ ඒ සැරේ අවිස්සාවේල්ලෙන් ඉල්ලුවත් පිලිප් පරාජය කරන්න ඔබට හැකියාවක් තිබුණද...?
අනිවාර්යයෙන්ම. මොකද ඒ වෙලාවේ ඔහු පැරදුණේ බොනි ජයසූරියටනේ. කෙසේ නමුදු දැන් මට හිතෙනවා අනේ එදා ඔහු පරද්දන්න අවස්ථාව මට නොලැබුණු එක හොඳයි කියලා. ඔහු මගේ භක්තිමත් නායකයෙක්. ඔහු සමාජ පක්ෂයේ පියානේ.

හැත්තෑවේ පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් දැන් සිටින්නේ කවුද...
මමයි, අතාවුද සෙනවිරත්න, මහින්ද රාජපක්ෂ හා දි.මු. ජයරත්න පමණයි. රත්නසිරි වික්‍රමනායක පත්වුණේ හැටේ මාර්තුවල. ඔහු තමයි පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා.

ලබන සතියට...
83 මම හැංගිලා වෙස්වලාගෙන හිටියේ තුෂාරා චිත්‍රපටයේ විජය කුමාරතුංග දමාගෙන සිටි බොරු කොණ්ඩය දාගෙනයි.

මිහිරි ෆොන්සේකා
8:24 PM
slnews

0 comments :
Post a Comment