Tuesday, February 11, 2014


ලංකාවට එරෙහි වන බව කියන රටවලට චීනයෙන් රතු එළියක්
මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තම රට විරුද්ධ බව චීනය අවධාරණය කරයි.
චීන ෂිංහුවා ප්‍රවෘත්ති සේවය පැවසුවේ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග ඊයේ බෙයිජිං නුවර පැවති සාකච්ඡාවකදී, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මේ බව ප්‍රකාශ කළ බව ය.චීනයේ නිල සංචාරයක නිරත වි‍දේශ අමාත්‍යවරයා ඊයේ එරට ප්‍රමුඛ පෙළේ නායකයින් හමු වී සාකච්ඡා පවත් වා තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වය, සෛවරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය සහය දෙන බව චීන විදේශ අමාත්‍යවරයා වැඩි දුරට ත් පවසා ඇත.සිය අභ්‍යන්තර කටයුතු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති හැකියාව සහ ඥානය තමන් විශ්වාස කරන කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

http://newsfirst.lk/sinhala/

0 comments :

Post a Comment