නීති අධ්‍යාපන සභාව විසින් තීරණය කර ඇති කඩඉම් ලකුණු අනුව නීති සිසුන් 177 දෙනෙකුට වඩා සංඛ්‍යාවක් නීති විද්‍යාලයට ඇතුළත් කර ගතහොත් ගැටලු මතුවිය හැකි බව අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මෙම වර්ෂයේ අධ්‍යයන වර්ෂය 2014 ජනවාරි මස 15 වැනි දින ආරම්භ කරන ලදී. විභාග කොමසාරිස් ජනරාල්වරයා නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මට්‌ටම නීති විද්‍යාලය වෙත 2014 ජනවාරි මස 23 වැනි දින ලබාදෙන ලදි.
නීති විද්‍යාලයේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ලක් කරමින් අපේක්‍ෂිත කඩඉම් ලකුණු හඳුනාගනු ලදුව එම කඩඉම් ලකුණු මට්‌ටම සංස්‌ථාගත නීති අධ්‍යාපන සභාවේ සභාපති ධුරය හොබවන අග්‍රවිනිශ්චයකාරතුමා වෙත යොමුකරන ලදි. ගරු ශේ්‍රෂ්ඨාධිකරණයට නීතිඥවරුන් හා අධිනීතිඥවරුන් ඇතුළත් කිරීමට නියම කරන වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් නීති අධ්‍යාපනය සැලකීම පිණිස නිත්‍යානුකූලව පිහිටුවා ඇති මෙම සංස්‌ථාගත නීති අධ්‍යාපන සභාව වනාහි සංස්‌ථාගත නීති අධ්‍යාපන සභා ආඥ පනත (276 වන අධිකාරිය) මගින් සංස්‌ථාගත කරන ලද්දකි.
සිසුන් ඇතුළත්කර ගැනීම සඳහා අදාළ කරගත යුතු කඩඉම් ලකුණ සංස්‌ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් තීරණය කොට එකී තීරණය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් ඉක්‌බිතිව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ගරු අග්‍ර විනිශ්චයකාරතුමා විසින් සභාවේ සාමාජිකයන් වෙත පැහැදිලි කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් එම තීරණය ලැබීමෙන් පසුව පමණක් කඩඉම් ලකුණ ප්‍රකාරව අයදුම්කරුවන්ගේ නම් ඇතුළත් ලැයිස්‌තුවක් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඉදිරිපත් කළයුතු බවටත් සමත් නව සිසුන් ලියාපදිංචි කිරීම මෙම දෙවන ලැයිස්‌තුව ලැබීමෙන් පසුව පමණක් සිදුවන බවටත් ඔවුන් වෙත පැහැදිලි කරන ලදි.
ඒ අනුව නීති විද්‍යාලයට ඇතුළත් වීම පිණිස සිසුන් ලියාපදිංචි කිරීම සඳහා සලකා බැලිය යුතු කඩඉම් ලකුණු 66 විය යුතු බවට නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයින් විසින් ඒකමතිකව තීරණය කරන ලද අතර අප විසින් එම කඩඉම් ලකුණේදී සිසුන් 177 දෙනකු ඇතුළත් කෙරෙනු ඇත. මෙම සංඛ්‍යාවට වඩා යම් සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගනු ලැබුවහොත් නීති විද්‍යාලයට මුහුණ පෑමට සිදුවන සහේතුක ගැටලු මැනවින් සැලකිල්ලට භාජනය කරමින් අදාළ කඩඉම් ලකුණ වන 65 ලකුණද සලකා බලන ලද නමුත්, එම ලකුණේදී සිසුන් 46 දෙනෙක් අතිරේකව එක්‌වීමෙන් විද්‍යාලයට ඇතුළත් කරගන්නා සිසුන් ගණන 223 දක්‌වා ඉහළ යාමත් ඒ අනුව ඇතුළත්කර ගැනීමට සිදුවන සිසුන් සංඛ්‍යාව 220 ඉක්‌මවා යාමත් නිසා, එලෙස ඇතුළත් කර ගැනීම නීති විද්‍යාලයේ වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී ප්‍රායෝගික නොවන බවට අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් එකඟතාවයකට එළඹෙන ලදී.
කෙසේ නමුත් මේ සම්බන්ධව පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී නීතිපතිවරයා පවසා ඇත්තේ නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කොට විසදුමක් ලබා ගැනීමට හැකි බවකි.
12:18 AM
slnews
0 comments :
Post a Comment