ජාතික හැදුනුම්පත් භාෂා දෙකකින් නිකුත් කිරීමට පියවර ගැනීමත් සමග මෙතෙක් පැවැති එක් දින සේවාව අඩපන වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව පසුගිය දින 5 තුළ එක් දින සේවාව ක්‍රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට මහත් දුෂ්කරතාවයන්ට ලක්වීමට සිදුවූ බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම තත්වය උද්ගත වීමට හේතු වී ඇත්තේ භාෂා ද්විත්වයෙන් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය දෙපාර්තමේන්තුවේ පරිගණක සදහා ඇතුලත් කිරීමේදී පැරණි ක්‍රමවේදය හා නොගැලපෙන තැන් ඇති වීමයි. අදාළ ක්‍රමවේදය (system)පිළිබද නිලධාරීන් හා සේවකයින් පුහුණු නොකිරීමෙන් මෙවැනි තත්වයක් උද්ගතව ඇත.
කෙසේ නමුත් අම්පාර ත්‍රිකුණාමළය, කුරුණෑගල, හම්බන්තොට ආදී ඈත ප්‍රදේශයන්ගෙන් පැමිණි පිරිස් දින දෙක තුන පැමිණියත් තම කාර්යය ඉටු නොවීමෙන් පහත් පීඩාවට පත්වූ අයුරු ඊයේ (05) දින දැකිය හැකි විය.
12:03 AM
slnews
0 comments :
Post a Comment