Monday, March 3, 2014

harsha_anura










සියළු රාජ්‍ය ආයතන හමුදා යාන්ත්‍රණයට යටත් කිරීමේ වැඩපිළිවෙලේ මීළඟ පියවර ලෙස ලංකා බැංකුව විශ්‍රාම ගිය ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රමට සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය නියෝජ්‍ය පොලිස්පති  අනුර සේනානායකට ලබා දීමට  මරා රෙජීමය තීන්දු කොට ඇත. මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අඩවිය පලකොට තිබූ පුවත පහතිනි.
ලංකා බැංකුව හර්ෂට! නාගරික සංවර්ධන අධිකාරිය අනුරට!
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති තනතුරෙන් ඉකුත් දා විශ්‍රාම ගිය එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි පත්කොට ඇත. මේ අනුව ලංකා බැංකුවේ වත්මන් සභාපති ජනාධිපති නීතිඥ රසික් සරූක් මහතා හැත්තෑවිය සැපිරීම නිසා විශ්‍රාම යනු ඇත. රසික් සරූක් මහතා පසුගිය වසරේ හැත්තෑවන වියට එළඹුනද එකී තනතුරට සුදුසු පුද්ගලයෙකු නොමැතිවීම නිසා ලංකා බැංකුවේ සභාපති තනතුර පුරප්පාඩු වී තිබිණ.
එමෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීප හිතවතකු වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගන්වා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර එකී තනතුර සඳහා අනුර සේනානායක මහතා පත් කිරීමට නියමිතය.
මියන්මාරයේ පැවැත්වෙන BIMSTEC සමුළුව සඳහා අද (03) පිටත්ව ගිය ජනාධිපතිවරයා එසේ යාමට ප්‍රථම ඊයේ කතරගමදී මෙම පත්වීම් ලිපි දෙකට අත්සන් තබා ඇත. ජනාධිපතිවරයා සෑම විදේශ සංචාරයකට ප්‍රථම කතරගම මහා දේවාලයට ගොස් කතරගම දෙවියන්ට පුද පූජා පවත්වා භාර හාර වී විදේශ ගතවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එසේ භාරවීම සඳහා ජනාධිපතිවරයා ඊයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග කතරගම ගොස් ඇත

http://www.pathula.com/index.php/archives/10408

0 comments :

Post a Comment