ඉස්සර විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ගෑණු ළමුන්ට තනියෙන් ගුරුවරු මුණ ගැසීමට අවස්ථාවක් අන්තරෙන් දුන්නේ නෑ. ඒ සදහා පිරිමි ළමයෙක් එක්ක යන්න ඕනේ නමුත් දැන් එහෙම නෑ. සරසවි ශිෂ්‍යාවන්ට තනියම ගුරුවරු පෞද්ගලිකව මුණ ගැහෙන්න පුළුවන් යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක සදහන් කර සිටියේය.
ඔහු මේ බව පැවසූවේ රජරට විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ මේ නීති හැම එකක්ම අන්තරය විසින් දාපු නීති ගැහැණු ළමයෙකුට ත්‍රීක්වාටර් අදින්න බෑ. පුස්තකාලයේ පාඩම් කරන්න බෑ. ළමුන් ඉංග්‍රීසි කතා කරන්න බෑ
.
නමුත් අද මේවා සියල්ල වෙනස් වෙමින් පවතිනවා. ඒවගේම එකක් කියන්න ඕන. 84 ඉදලා 2010 දක්වා අන්තරය විසින් පාලනය කළ විශ්වවිද්‍යාල අද ගුරුවරු විසින් පාලනය කරන්න අරගෙන එකයි වෙනස ඒ නිසා රජරට විශ්වවිද්‍යාලයේ කොච්චර උපවාස කළත් මේ දඬුවම ලිහිල් කිරීමේ කිසිදු වුවමනාවක් අපට නැහැ. පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයන් සම්බන්ධ මේ වනවිට යොමුකර තිබෙන අභියාචනා පෙත්සම් විභාග කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු එන්නේ නැහැ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ ආචාර්යවරු අත තමයි දැන් බලය තිබෙන්නේ කියලා. යැයි සදහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් ද ඉන්ඩිපෙන්ඩට්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දිකගෙන් කරුණු විමසූ අතර ඔහු සදහන් කර සිටියේ එස්.බී.ඇමැතිවරයාට සිහින දැකීමට හැකියාව පවතින බවත් නමුත් සරසවි සිසුන් ඒ සිහිනවලට ඇතුලත්කර නොගත යුතු බවත්ය.
ඔහු පවසන සියලු කරුණු සාවද්‍ය බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපනයේ නිදහස මෙන්ම සිසුන්ගේ මානව නිදහසද අගයන ශිෂ්‍යයින්ගෙන් පමණක් සැදුම්ලත් ආයතනක් බවයි.
ඇමැතිවරයා කවරෙක්ද යන්න මේ මුළු රටම දන්නා කරුණක් වන අතරම ඔහු මේ සිදුකරමින් පවතින්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බවත් එහිදී ඔහුට ඕනෑතරම් නන්දෙඩිමේ හැකියාව පවතින බවත් සදහන් කර සිටියේය. ශිෂ්‍ය අරගලය ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් නොවන බවත් ඉතිහාසයේ සිට දැරූ එකම ප්‍රතිපත්තියක් සිසුන්ට ඇති බවක් පමණක් එස්.බී. දිසානායක ඇමැතිවරයාට මතක් කර දෙන බවක් පැවසීය.
theindependent.lk
7:15 PM
slnews
0 comments :
Post a Comment