වත්තල,වෙලේගොඩ ප්‍රදේශයේ දී ඉරිදා (9) පැවැති මුස්ලිම් කොංග්‍රසයේ ජන හමුවක් අමතමින් රවුෆ් හකීම් මහතා මේ බව පළ කර තිබේ. නැගෙනහිර සහ උතුරු පළාත් සභා ආණ්ඩුවට අහිමි වීමේ අනෙක් ප්‍රතිඵලය වන්නේ රටේ සෙසු පළාත් සභාවල බලයත් ආණ්ඩුවට අහිමි වීම යැයි පෙන්වා දුන් හකීම් මහතා ඒ බව වටහා නොගෙන ආණ්ඩුවේ අන්තවාදි දේශපාලන කල්ලි තමන් ආණ්ඩුවෙන් පන්නා දමන්නට උත්සාහ කරන බව පැවසුවේය.
අපට යන්න කියනවා නම් ආණ්ඩුවේ රැඳෙන්න කිසිම අවශ්‍යතාවක් නැති බව කී ඒ මහතා එහි අකාරුණික ප්‍රතිඵලය භුක්ති විඳින්නට රජය ඇතුළු සියලු දෙනා සූදානම් විය යුතු යැයි කීවේය. ඒ වගේම තමන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් පළාත් ආණ්ඩුවලින්ද ඉවත් වන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
http://www.lakbima.lk/
8:10 PM
slnews
0 comments :
Post a Comment