භික්ෂූන් වහන්සේ ක්‍රියාකාරී දේශපාලනය කිරීම ගැන මෑත කාලයේ රටේ විශාල කතාබහක් ඇති වූයේ 2001 දීය.භික්ෂූන් වහන්සේ නමක් පළමු වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2001 වසරේදීය. ඒ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ගාලු දිස්ත්‍රික් පොදු පෙරමුණ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ බද්දේගම සමිත හාමුදුරුවන්ය. භික්ෂුන් ක්‍රියාකාරී දේශපාලනය කිරීමේ කූඨ ප්‍රාප්තිය එළැඹියේ 2004 දීය. ඒ වසරේ අප්‍රේල් මාසයේ පැවැති මහා මැතිවරණයෙන් හෙළ උරුමය නියෝජනය කර භික්ෂූහු හත් නමක් පත් වූහ. දෙනමක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියහ. ඒ අනුව ජාතික හෙළ උරුමයේ භික්ෂූහු නව නමක් මැති සබය නියෝජනය කළහ. ඒ ගණන 2010 ඡන්දයේ දී දෙනමක් දක්වා අඩුවිය. මේ අතර භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික පූජකවරුන් දේශපාලනය කිරීම තහනම් කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මැති සබයට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එම කෙටුම්පතට ජාතික හෙළ උරුමයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. කෙසේ නමුදු එම මන්ත්‍රී යෝජනාව තවමත් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලැයිස්තුවේය. කාලයක් පුරා උඩයට යමින් තිබූ මේ යෝජනාව දැන් නැවත කරළියට රැගෙන ආවේ අමරපුර සිරිසද්ධම්ම වංස නිකායේ මහානායක අහුංගල්‍ලේ සිරිසීල විසුද්ධි මහානාහිමිය. උන්වහන්සේ පැවසුවේ භික්ෂුන්ට ක්‍රියාකාරී දේශපාලනය තහනම් කරමින් තම නිකාය පැනවූ විනය නීතිය සෙසු නිකායන්හිද ක්‍රියාත්මක කිරීමට අනෙකුත් මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවය. උන්වහන්සේ එම ඉල්ලීමට මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සි මාහිමිය.
සිවුරු පොරවා ගත් බුද්ධ පුත්‍රයන් මන්ත්‍රී පදවි ඉල්ලා ගිහියන් පස්සේ යෑම සසුනේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇති හෙයින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ තීන්දුව තමන් අනුමත කරන බව අස්ගිරි අනුනාහිමියෝ වදාළෝය.
ගිහියන් නටන නාඩගම් භික්ෂූන් වහන්සේ නටන්න ගියොත් භික්ෂුවගේ පරිහානිය වැඩි ඈතක නොවෙයි. ගිහියාගේ කාර්යය භික්ෂුව කරන්න ගියොත් එතැන ගැටුමක්. දේශපාලන වේදිකාවට ගොඩවැදී දෙපැත්තට බැණ වැදීම බලවත් පාපකර්මයක්. මේ රටේ රජුන් හැදුවෙත්, රජුන්ට අවවාද අනුශාසනා කළේත් භික්ෂූන් වහන්සේයි. රට කරවන අය වැරදි මාර්ගයේ ගියොත්, ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීම භික්ෂුවගේ කාර්යයි. ඒ වගේම සියම් නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ ද මෙම යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි උන්වහන්සේ කීහ.
තුන් නිකායෙන් එකක් වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නාහිමියෝද අමරපුර සද්ධම්මවංස නිකාය ගත් තීරණය අනුමත කළ සේක.රාමඤ්ඤ නිකායේ කතිකාවතට අනුව භික්ෂූන් වහන්සේ දේශපාලනයේ නිරත වීම විනය විරෝධී ක්‍රියාවක්. ඒ නිසා රාමඤ්ඤ නිකායේ සංඝ සභාවටද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ අදහසක් තිබෙනවා. පටු ලාභ අපේක්ෂාවෙන් දේශපාලනඥයන් සමග භික්ෂුව අවනත වෙනවා නම් එය යහපාලනයට තර්ජනයක්.
ජනතාව මුලා කර බලයට එන සමහර දේශපාලන පක්ෂ භික්ෂූන් වහන්සේගෙන් අයුතු ප්‍රයෝජන ගන්න සූදානම් වන අවස්ථා එමටයි. අන්තවාදී දේශපාලන සඳහා භික්ෂූන් වහන්සේ නැඹුරු වෙනවා නම් එය පරිහානියේ ලක්ෂණයක් මහානාහිමියෝ කීහ.
අස්ගිරි පාර්ශ්වයත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය මෙන්ම අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහනායක තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමියෝ ද භික්ෂුව ක්‍රියාකාරි දේශපාලනය කිරීමට එරෙහිව දැනටත් ප්‍රකාශ නිකුත් කර තිබේ. මේ පිළිබඳ අහුංගල්‍ලේ සිිරිසීල විසුද්ධි මහානාහිමියෝ මෙසේ වදාළේය.
අපි ගත් තීන්දුව සම්බන්ධයෙන් මතෛක් ලැබුණු ප්‍රතිචාර සියල්ලකින්ම කියැවුණේ ශාසනයට අපි උචිත යහපත් තීන්දුවක් ගෙන තිබෙනවා කියලා. අපේ නිකාය විසින් ගනු ලැබූ තීන්දුව ගැන මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරනවා. මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවූ අවස්ථාවලදී භික්ෂුවකගේ නමක් ඒවායේ සඳහන් වුණොත් ඒ භික්ෂූව නියෝජනය කරන නිකාය කුමක්දැයි සොයා බලා අපේ නිකායේ නම් වහාම අපිව දැනුවත් කරන්න කියනවා. අපේ නිකායේ නම් නාම යෝජනා නොදෙන ලෙසත් දැනුම් දෙනවා මහානාහිමියෝ පවසති.
මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන සිය නිකායේ භික්ෂු වහන්සේ සම්බන්ධයෙන් නිකාය විසින් කිසිදු තීන්දුවකට එළැඹ නැති හෙයින් ඔවුනට ගැටලුවකින් තොරව කටයුතු කළ හැකි බව උන්වහන්සේ පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සිය නිකායේ භික්ෂුවක් වන අතුරලියේ රතන හිමියන්ට වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් වන තුරු කිසිදු ගැටලුවකින් තොරව සිය මන්ත්‍රී ධුරයේ රැඳී සිටිය හැකි බවය. කෙසේ නමුදු උන්වහන්සේට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ මන්ත්‍රීධුර අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දෙන්න බෑ. අපි පයක් ඉස්සරහට තිබ්බේ ආපස්සට ගන්න නෙවෙයි. කිසිම හේතුවක් නිසා මේ තීරණය වෙනස් කරන්නේ නැහැ. දැන් මන්ත්‍රීධුර දරන හාමුදුරුවන්ට ධුර කාලය ඉවර වෙනතුරු ඉන්න පුළුවන්. නමුත් ආයෙත් අපේක්ෂකයෙක් වෙන්න බැහැ.
රජකාලයේ සිට රජුන්ට අවවාද අනුශාසනා දීම භික්ෂුවගේ කටයුත්තක් වුණා එසේ නැතිව රජුන් තැනීමට යැයි සිතා පාරක් ගානේ ඇවිද යාම භික්ෂුවට උචිත නෑ. භික්ෂුවක් ලෙස රජුන්ට උපදෙස් දී ඒ උපදෙස් පිළිපදින්නේ නැත්නම් රට පාලනය කර අය දන් පිළිගන්වන විට පාත්තරය අනෙක් පැත්ත හැරවීමට භික්ෂුන් හුරු විය යුතුයි. එදා රජ දවස වූයේත් එයම යැයි අහුන්ගල්‍ලේ සිරිසීල විසුද්ධි මහානාහිමියෝ අවධාරණය කරති.
තරුණ භික්ෂුන් මේ තීරණයට හිස නවන්නේ නෑ
මේ රට රැකිලා තියෙන්නේ හිමිවරු නිසයි. දුටුගැමුණු රජුට උදව් කළෙත් හිමිවරු. රට බේරා ගැනීමට ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් මෙහෙයුවේත් හාමුදුරුවොයි. රට වෙනුවෙන් සටන් කරද්දී මහින්ද ද රනිල් ද කියන එක අපට වැඩක් නැහැ. දේශපාලනඥයෝ කතා කරන්නේ ඡන්ද වෙනුවෙන් විතරයි. යාන වාහන සේවකයෝ ඉන්නවා කියලා අපිට පැත්තකට වෙලා ඉන්න පුළුවන්. ඒත් අපි නිහඬව හිටියොත් රටට මොකද වෙන්නේ.
භික්ෂුන් සිවුරු හැරයාම, ශාසනික පරිහානිය, අන්‍යාගමික බලපෑම් මුස්ලිම්කරණය යන ප්‍රශ්න විසඳිලා නම් හාමුදුරුවෝ පාරවල කෑ ගහන එක හෙට නතර කළත් අපි ඊට එකඟ වෙනවා.
නමුත් මේ රටේ හාමුදුරුවන්ට තියන ශාසනික ප්‍රශ්න කිසිසේත් විසඳන්නේ නැහැ.
තායිලන්තයේ හාමුදුරුවෝ ලක්ෂ 13 ක් විතර හිටියත් ඒ රට පිරිහිලා. ගණිකාවෝ, කුඩු, කැසිනෝ ඒ රටේ තියනවා. මේ රටත් ඒ තත්ත්වයට පත්වෙයි.
යුගයේ අවශ්‍යතාව අනුව හාමුදුරුවෝ වෙනස් වෙනවා. නිකායන් ගත් මේ තීන්දුවට තරුණ හිමිවරු හිස නමයි කියල මම නම් හිතන්නේ නැහැ. මේ සමාජය හාමුදුරුවරු පෙරටුකොට ගෙනයි යුක්ති සහගත සටනකට ගිහින් තියෙන්නේ.
භික්ෂුන් සිවුරු හැරයාම, ශාසනික පරිහානිය, අන්‍යාගමික බලපෑම් මුස්ලිම්කරණය යන ප්‍රශ්න විසඳිලා නම් හාමුදුරුවෝ පාරවල කෑ ගහන එක හෙට නතර කළත් අපි ඊට එකඟ වෙනවා.
නමුත් මේ රටේ හාමුදුරුවන්ට තියන ශාසනික ප්‍රශ්න කිසිසේත් විසඳන්නේ නැහැ.
තායිලන්තයේ හාමුදුරුවෝ ලක්ෂ 13 ක් විතර හිටියත් ඒ රට පිරිහිලා. ගණිකාවෝ, කුඩු, කැසිනෝ ඒ රටේ තියනවා. මේ රටත් ඒ තත්ත්වයට පත්වෙයි.
යුගයේ අවශ්‍යතාව අනුව හාමුදුරුවෝ වෙනස් වෙනවා. නිකායන් ගත් මේ තීන්දුවට තරුණ හිමිවරු හිස නමයි කියල මම නම් හිතන්නේ නැහැ. මේ සමාජය හාමුදුරුවරු පෙරටුකොට ගෙනයි යුක්ති සහගත සටනකට ගිහින් තියෙන්නේ.
රන්මලී සෝමසිරි
http://www.lakbima.lk/
8:11 PM
slnews
0 comments :
Post a Comment