Monday, March 17, 2014

raeki

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ආරක්ෂකයන් දෙපළක් වන රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් කිලිනොච්චය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව srilankabrief වෙබ් අඩවිය වාර්තා කර සිටී.

එම වාර්ථාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඔවුන් දෙපළ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයට යොමුකර සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනී ජෙයකුමාරිගේ නිවස පිහිටි කිලිනොච්චය ධර්මපුරම් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටින අතර තුර කිලිනොච්චය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැවීම සිදුකර ඇතිබවයි.
මෙම අත්අඩංගුවට ගැනීම දැනගත් විගස වව්නියාව මූලික කර ගත නීතීඥයෙකු විසින් කිලි​ෙනාච්චය පොලීසියෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන් කිසිවෙකු අත්අඩංගුවට නොගත් බවත් එසේම කිලිනොච්චිය පොලිස් ස්ථානයේ කිසිවෙකු රදවා තබාගෙන ප්‍රශ්ණ නොකරන බවත්ය.නමුත් විශේෂ ත්‍රස්ථ විමර්ණ ඒකකය විසින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන බවත් එය වෙනත් ස්ථානයක පිහිටා ඇති බවත්ය.

​එ​සේම තවත් නීතීඥයෙකු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබද කිලිනොච්චිය ​පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ත්‍රස්ථ විමර්ෂණය ඒකකයේ 15 දෙනෙකු පමණ පිරිසක් අදාළ මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවත් ඔවුන් දෙදෙනාම ත්‍රස්ථ විමර්ෂනය විසින් රදවාගෙන සිටින බවට පෙනී යන බවත්ය.

මේ අතර ජාතික මානව හිමිකම් කොමිසමද රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් කිලිනොච්චය පොලිස් ස්ථානයේ රදවා තබාගෙන සිටින බවට ස්ථීර කර තිබේ.

කොලඹ මූල්ක කරගත් නීතීඥයෙකු වන ලක්ෂාන් ඩයස් කිලිනොච්චයඊයේ (15) රාත්‍රියේ පොලිස් ස්ථානාධිපති කුමාර්ගෙන් කළ විමසීමකදී කියා ඇත්​ෙත් අදාළ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවත් බොහෝ විට එය අද උදෑසන (16) දක්වා රදවා තබාගනු ඇතිබවත්ය.
ඊනියා ත්‍රස්ථ විමර්ෂනය විසින් අත්අඩංගුවට ගෙන සිටින රැකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙපළක් වන අතර රැකී ප්‍රනාන්දු, ඉන්ෆෝම් ආයතනයේ මානව හිමකම් උපදේශකයෙකු වන අතර පූජ්‍ය ප්‍රවීන් පියතුමන් යාපනය මූලික කරගත් සාමය සහ ප්‍රතිසධාන පිළිබද මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ දැඩි කථාබහට ලක්වී නව යෝජනාවක් සම්මත වීමට නියමිත අවස්ථාවක් තුළ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහි මර්ධනය උග්‍රවී ඇති අතර එය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද සැබෑ තත්ත්වය හෙළිකරන්නක් බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අදහස වෙයි.

මේ අතර අත්අඩංගුවට ගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ජීවිත සම්බන්ධව දැඩි අවධානමක් පවතී.

http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment