දේශපාලනය කියන්නේ ලොකු එවුන්ගේ පුත්තුම දේශපාලනය කරන්න ඕන කියන එක නොවෙන බවත් පොඩි එකාගේ කටවුඩ් කඩලා. තමන්ගේ පුතා කොහොම හරි පළාත් සභාවට රිංගව ගන්න හදන මහ එවුන් ඉන්න දේශපාලනයක් කරන රටක් බවට මේ රට පත්වලා මේ තියෙන්නේ මහ වලත්ත දේශපාලනයක් බවත් ඇමති රාජිත සේනාරත්න සදහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
ලොකු එවුන්ගේ පුත්තු දේශපාලනයට ගෙන ඒම ගැන රාජිත සේනාරත්න කරන මෙම ප්‍රකාශය මහින්ද රාජපක්ෂගේ පුතු නාමල් රාජපක්ෂටත් අදාලව කෙරුණක් බව පෙනෙන්නට තිබේ.
මගේ පුතත් ඕනේ නම් මැතිවරණයට දාන්න තිබුනා ඒත් එහෙම නොකලේ මේ පක්ෂයේ බිම් මට්ටමේ කැප කිරීම් කරලා මහන්සිවෙල පොඩි එවුන් ඉන්නවා උන්ට ඉදිරියට එන්න බැරිද අන්න ඒ අයට අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒ නිසයි මගේ පුතා ඉදිරිපත් නොකළේ, යැයි සදහන් කර සිටීම නාමල් ඉලක්ක කර කළ ප්‍රකාශයකි. මේ දිනවල ජනාධිපතිවරයා, රාජිත උතුරේ ප්‍රශ්නය ගැන දරන මතය නිසා විරසකව සිටී. මේ ගැන ඇතැම් මාධ්‍යක් තොරතුරු අනාවරණය කර තිබු අතර එහිදී ආණ්ඩුවේ ඉන්න බැරිනම් ඉවත්වන ලෙසට ද රාජිතට පවසා ඇති බවද සඳහන් විය.
මෙම රැස්වීමේදී වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමැතිවරයා සදහන් කර සිටියේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමත් එක්ක එකතු වෙලා ඒ දවස්වල පාද යාත්‍රා ගිහින් හදපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නෙවෙයි මේ තියෙන්නේ ඒ දවස්වල මේ වගේ වලත්ත කමක් මේකේ තිබුනේ නෑ.
රාජිතලා මහින්ද සමඟ පාදයාත්‍රා යන කාලයේ ශ්‍රී ලනීපයේ නායකත්වය හෙබවූයේ බණ්ඩාරනායකලාය. ඒ දවස්වල වලත්ත නොවුණු ශ්‍රිලනිපය දැන් වලත්ත වී ඇත්තේ රාජපක්ෂලා නිසා බවය රාජිත කරනු ලබන ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ.
http://sinhala.theindependent.lk/
3:41 AM
slnews
0 comments :
Post a Comment