විදෙස් රටකින් අපේ රටට ගෙන්වපු මහා සූදුරු තොගයක සතකුප්ප අඩංගු කොට තිබූ බව මාධ්‍යවල සඳහන් වුණා. සතකුප්ප කියන්නේ කාන්තාවන් වඳ භාවයට පත් කරන ද්‍රව්‍යයක් කියා වෛද්‍යවරුන් සඳහන් කරනවා. එමඟින් අපිට තේරුම් යනවා සූදුරුවලට සතකුප්ප මිශ්‍ර කරලා තියෙන්නේ මොකටද කියලා. සිංහල ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණයක් තවමත් ඉතාමත් රහසිගතව ක්‍රියාත්මක වන බව මෙවන් කරුණු කාරණා පිළිබඳ සොයා බැලීමේදී අපට පැහැදිලිව පෙනී යනවා යැයි රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ පැවැසූහ.
අමාත්‍ය විමල් වීරවංශ මහතාට උපහාර පිදීම සඳහා පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ පැවැති උත්සවයේදී නාහිමියෝ එම අදහස් පළ කළහ.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ, අෑත අතීතයේ සිටම සිංහල ජාතිය, බෞද්ධාගම විනාශ කිරීමේ මහා කුමන්ත්‍රණ විටින් විට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. මෑත කාලයේදීත් ඒ ආකාරයෙන්ම සිංහල ජාතිය විනාශ කිරීමේ විවිධ බලවේග ක්‍රියාත්මක වූ ආකාරයත් අපි දැක්කා. නොයෙක් වෙසින් එන මේ බලවේගයන්ගේම අලුත් ක්‍රමෝපාය සූදුරුවලට සතකුප්ප එකතු කිරීම වශයෙන් දකින්න පුළුවන්. අපි කිසි කෙනෙක් නොසිතන සූක්ෂ්ම ආකාරයෙන් තමයි මේ ජාතිය වනසන මහා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් වශයෙන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතුයි යනුවෙන්ද පැවැසූහ.
එදා මහා ත්රස්තවාදයක් ක්‍රියාත්මක වුණා. එමඟින් රටට මහා විනාශයක් සිදුවුණා. ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ රණවිරුවන් තමන්ගේ ජීවිත පිළිබඳ නොතකා උපන් මවුබිම නිදහස් කරගත්තා. නමුත් බටහිර ඇතැම් රටවල් මේ වන විටද අපේ රට නතුකර ගැනීමේ විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන ආකාරය අපට පෙනී යනවා. බටහිර රටවලට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන්න අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ. අසත්‍ය චෝදනා එල්ලකර අපේ රටට බලපෑම් එල්ල කරන්න අපි ඉඩදිය යුතු නැහැ. අපේ රටේ සියලු ජාතීන්, ආගම්, පක්ෂ නියෝජනය කරන සියලු දෙනා මේ අවස්ථාවේ එක්ව සමඟිව ජාතික හැඟීමෙන් යුක්තව කටයුතු කොට මේ කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි. අපි සමඟි නොවුණොත් ඒක අපි නතු කරගන්න බලාගෙන ඉන්න අයට ලබාදෙන සහායක් වෙනවා. සමඟිය බලය වේ කියා සිතා එක්ව කටයුතු කොට මේ බලවේග පරාජය කළ හැකියි යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
http://www.mawbima.lk/34-52574-news-detail.html
8:11 PM
slnews
0 comments :
Post a Comment