Sunday, March 9, 2014

හමුදාව උතුරේ කාන්තාවන් දුෂණය කරනවා… පොලීසිය නිදි
උතුරු පළාත තුල රඳවා සසිටින හමුදා සෙබළුන් නිසා පළාතේ කාන්තාවන් දැඩි අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇතැයි උතුරු පළාත් මහ ඇමති සි.වි. විග්නේෂ්වරන් පවසයි.
යාපනයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු පවසා ඇත්තේ  උතුරු පළාතෙන් හමුදාව ඉවත් කල යුතු යයි දිගින් දිගටම තමන් කරන යෝජනාවට රජය ප‍්‍රතිචාර නොදක්වන බවයි.
කාන්තාවන්ට ආරක්‍ෂාවක් නොමැති හේතුවෙන් ඔවුන්ට නිදහසේ ගමන් කිරීමට නොහැකි වී ඇති බවත් පවසන මහ ඇමතිවරයා  හමුදාව විසින් සිදුකරන ලිංගික ප්‍රචණ්ඩත්වයල, ලිංගික හිංසනය පිළිබඳව පොලිසිය මන්දගාමී පිළිවෙතත් අනුගමනය කරන බවද කියයි.

http://lankacnews.com/sinhala/news/111698/

0 comments :

Post a Comment