ශ්රී ලංකාවට එරෙහිව ජිනීවා ාවත ඇමරිකාවු විසින් දියාරු යෝජනාවක් ගෙනවිත් ඇත්තේ වත්මන් ලෝක තත්වය තුල එය පරාජයට පත්වේ යයි බිය වී බව කොටි හිතවාදී දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් ඊළාම්නාදන් වෙබ් අඩවියේ පලව ඇත් වාර්තාව මෙසේය.
මෙයට පෙර ඇමරිකාව විසින් කිසිඳු තීරණ නොමැති, මහින්ද රජයට අනතුරු අඟවන යෝජනාවක් ජිනීවාහිදී සම්මත කරන ලදි. එයට රටවල් 13 ක් විරුද්ධව ඡන්දය ලබාදෙන ලදි. නමුත් මෙවර ඇමරිකාවට විරුද්ධව චීනය වැනි රටවල් මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරයි. මේ හේතුවෙන් චීනය රටවල් රැසක් තම පැත්තට හරවාගෙන ඇත. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කලොත්, ඡන්ද විමසීමේදී ඇමරිකාව පරාජය විය හැකි බව විශ්වාස කෙරේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි, දකුණු ආසියාව සඳහා වන සහකාර ලේකම් නිෂා දේශායි බිෂ්වාල්, ශ්‍රී ලංකාවේ සංචාරයක් නිරතවූ යුද අපරාධ පිළිබඳ ඇමරිකානු නිලධාරියා යන අය මෙයට ඉහතදී ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව පෙන්වා දෙමින් කථා කර තිබුණි
නමුත් වත්මන් යෝජනාවේ දුර්වල තත්වයක් ඇතිවී ඇත. එයට හේතුව, යෝජනාව පරාජය විය හැකිය යන බිය බව දැනගැනීමට ලැබී ඇත. එයට අමතරව ඇමරිකාවට දැන් හිසරදයක් බවට පත්ව ඇති උක්රේන ගැටළුවත් ප්‍රධාන හේතුවකි. ශ්‍රි ලංකාවේ ගැටළුවට වඩා ඇමරිකාවට දැන් උක්රේනයේ ගැටළුව වැදගත් බව අදහස් කෙරේ. ශ්‍රී ලංකාවේ ගැටළුව නිසා තවත් රටවල්වල විරෝධයට ලක්වුව හොත් උක්රේනයේ ගැටළුවට මුහුණදීම ගැටළුවක් වනු ඇතැයි ඇමරිකාවේ තක්සේරුවයි.
ඉන්දියාවේ රහසිගත බලපෑම්ද, ඇමරිකානූ යෝජනාව දුර්වල වීමට තවත් හේතුවකි. ඇමරිකාව කුමන යෝජනාවත් ඉදිරිපත් කලද, රුසියාව, චීනය, දකුණු ඇමරිකානූ රටවල්, මැද පෙරදිග රටවල්, අප්‍රිකානූ රටවල් කිහිපයක් එයට විරුද්ධවන තත්වයකදී, ඉන්දියාවද ඇමරිකාවට අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි.
ඒ හේතුවෙන් ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැන් මධ්‍යස්ථව කටයුතු කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සියළු බර පටවා බේරීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ වේ.
එනමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එවැනි විමර්ශන පැවැත්වීමේ හෝ දඬුවම්දිමේ අයිතියක් නොමැත. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් ගෙන ඒමට උත්සාහ කරන නවදීනම් පිල්ලෙයි මහත්මියත්, මෙම වසරේ දෙසැම්බර් මස සේවයෙන් ඉවත් වන බවද සඳහන් කල යුතුව ඇත.
ඊළනාදම් /lankatnews
http://lankacnews.com/sinhala/news/111694/
8:48 PM
slnews
0 comments :
Post a Comment