Thursday, March 6, 2014

nawfer
බෝගම්බර බන්ධනාගාරයේ පසුගියදා පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයේදී පිරිත් මණ්ඩපය අවට මරණීය දණ්ඩනයට නියම වූ පොට්ටු නවුෆර් නිදැල්ලේ හැසිරෙමින් සිට ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙවැනි සිරකරුවෙක් එවැනි ස්ථානයක සිට ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඊයේ (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමති චන්ද්‍රසිරි ගජධිර ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහෙත් ඇමැතිවරයා විසින් පවසා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොදන්නා බවත් එසේ වූවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් විය යුතු බවත්. එසේම තමා එවැනි දෙයක් සිදු නොවිය යුත්තක් වශයෙන් දකින බවත් පවසා සිටියේය.

බෝගම්බර සිරගෙදර සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා ඓතිහාසික වටිනාකමක් තිබෙන එම ගොඩනැගිල්ල රජයට ලබාදීමේ වැඩපිළිවෙළේ අවසාන අදියරයේ වූයේ මෙම පිරිත් පින්කමයි. ඊට සහභාගිවන අයට ආහාරපාන පිසීම හා සංග්‍රහ කිරීම වැනි කටයුතු වෙනුවෙන් සාමාන්‍ය සිරකරුවන් 112 දෙනකු රඳවාගෙන ඇති බවත් එම සිරකරුවන් අතරේ ‍පොට්ට නවුෆර් සිටිනු තමන් දුටු බවත් කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම පැවැසුවේය.


හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන සරත් අබේපිටිය මහතා සහ ඔහුගේ ‍පොලිස් ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේදී මරණ දඬුවම නියම වූයේ මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් ‍පොට්ට නවුෆර් නැමැත්තාටය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මරණ දඬුවම නියම වී සිටි ‍පොට්ට නවුෆර් නැමැත්තා සෙසු සිරකරුවන් සමග වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නට කටයුතු නොකිරීම සහ පිරිත් පින්කම දවසේ සිරකරුවන්ට නිදැල්‍ලේ ගැවසෙන්නට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා වගකිවයුතු බවයි.

http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment