කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා අද මන්නරාම මහේස්ත‍්‍රාත්වරයාගෙන් සහ අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය.
ඔහු මෙසේ සමාව ඉල්ලා සිටියේ අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද සළකා බැලූ අවස්ථාවේදීය. මේ අනුව පෙත්සම ඉදිරිපත් කළ පාර්ශවය විසින් පෙත්සම ඉවත් කර ගෙන ඇත.
පසුගිය 2012 වසරේ ජූනි 17 වනදා මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීම සහ ආධාරකරුවන් පිරිසක් අධිකරණයට ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.
http://lankacnews.com/
3:17 AM
slnews
0 comments :
Post a Comment