එදා යුද්ධයෙන් මිය ගියාට වඩා අද මත්ද්‍රව්‍යවලින් මිය යන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කිරි ඇල්ල පවසයි.
කොළඹදී මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය.
‘ජිනීවා ප‍්‍රශ්නයට යන ජී.එල් පීරිස් මහත්මයයි,මහින්ද සමරසිංහ මහත්මයයි එකිනෙකා කතා කරන්නේ නෑ. තරහයි. ඉතින් කොහොමද රට ආරක්ෂා කර ගන්නේ. අපි නම් කැමති නෑ ජාත්‍යන්තරය සමග ගැටෙන ආණ්ඩුවකට.අද ජනතාව ජීවත් වීමට ඇති ප‍්‍රශ්නය පිළිබද ආණ්ඩුව කතා කරන්නේ නෑ.
දැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය හේතුවෙන් මිය යන සංඛ්‍යාව පසුගිය සමයේ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවටත් වැඩියි. මේවා නතර කරන්න බැහැ. අපේ රටේ නීතිය,පොලීසිය,අධිකරණය මේවා තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. ඒ අයට ස්වාධීනව කටයුතු කරන්න වාතාවරණයක් නෑ’
http://lankacnews.com/
3:17 AM
slnews
0 comments :
Post a Comment