ඊට සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අගමැති දි. මු. ජයරත්න මහතා විසින් අවස්ථා දෙකකදී ලබා දුන් පිළිතුරු අසත්‍ය බවද කී විපක්ෂ නායකවරයා එවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා එම පිළිතුර සැපයූ නිලධාරීන් තම වරප්‍රසාද කඩකර ඇතැයි ද කීවේය.
කථානායක - ඇමැති සහ අගමැති දුන් පිළිතුරු අසත්‍ය, සභාව නොමග යවන සුළු බව විපක්ෂ නායකවරයා කියනවා. මෙහි වරප්‍රසාද කඩවීමක් පෙනෙන්න නැහැ. තව දුරටත් පැහැදිලිව සාකච්ඡා කළ යුතු නම් විවාදයක් ඉල්ලන්න.
සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා - සම්පූර්ණ දවසක විවාදයක් අපි අවශ්‍ය නම් විපක්ෂයට දෙන්නම්.
විපක්ෂ නායක - මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් ඇසූවිට ඊට සත්‍ය පිළිතුරක් දිය යුතුයි. මෙතනදී මම ඇසූ ප්‍රශ්නවලට අගමැතිවරයාත්, සභානායකවරයාත් වාර්තා දෙකක් පදනම් කරගෙන කරුණු ඉදිරිපත් කළා. ඒක එතුමන්ලා දැනුවත්ව කළ එකක් නොව නිලධාරියෙකු දුන් වාර්තාවක්. මේ වැරදි වාර්තා දුන් නිලධාරීන් මේකට වගකියන්න ඕනා.
කථානායක - වැරදි තොරතුරු සපනවා නම් නිලධාරීන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග තිබිය යුතුයි. නිලධාරීනුත් වගකිව යුතුයි.
සභානායක - නිලධාරීන්ගේ වරදක් නම් නීත්‍යනුකූලව පියවර ගතහැකියි. වරප්‍රසාද කඩවීමක් ගැන මෙයින් පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් හැම ප්‍රශ්නයක්ම වරප්‍රසාද කමිටුවට දාන්න වෙනවා.
කථානායක - වරප්‍රසාද කඩවීමක් ගැන මට පෙනෙන්නේ නැහැ. විශේෂ විවාදයක් ඉල්ලන්න පුළුවන්.
විපක්ෂ නායක - විවාදයක් ඉල්ලන්න පුළුවන් ආණ්ඩුව විවාදයකට යනවා නම්.... නමුත් ඊට කලින් චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්සන් කම්පැනි යෝජනාවලියත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ස්ථාවර කාරක සභාවේ සමාලෝචන වාර්තාවත් අපට ලබා දෙන්න. මට පුළුවන් මේ ගැන පසුවදාම පෞද්ගලික ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ආණ්ඩුවට ඕන නම් මේ ප්‍රකාශයට පිළිතුරු දෙන්නත් නොදෙන්නත් පුළුවන්.
කථානායක - විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ජනතාවට සියලු තොරතුරු දැන ගැනීම සඳහා එම තොරතුරු සභාවට ඉදිරිපත් කළ යුතුයි. මින් ඉදිරියට එලෙස කටයුතු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
http://www.lakbima.lk/
7:30 PM
slnews
0 comments :
Post a Comment