ශ්‍රී ලනිපයේ හිටපු නායිකාව වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් මුණගැසීමට වෙලාවක් අනවශ්‍ය බව කියන ඩිලාන් පෙරේරා ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමිය සමඟ ඕනෑම ඔට්ටුවකට සුදානම් බවද කියයි.
එසේ වුවද හිටපු ජනාධිපතිනිය එක්සත් ජාතික පක්ෂය සමඟ කරන ගනුදෙනු කිසිවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේයෂ්ඨයන්ගේ සහාය නොලැබෙන බවද අමාත්‍යවරයා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ හිටපු ජනාධිපතිනියට වේලාව ලබාදුන් අමාත්‍යවරුන් කවුරුන්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
අපි නම් නැහැ. අපිව හම්බවෙන්න නම් එතුමියට වෙලාවක් ඕන නැහැ. ඒ අපේ හිටපු නායකතුමියනෙ. මොකටද වෙලාව දාගන්නෙ. මේ පළමු වතාව නෙවෙයි. මීට කලින් වතාවලක් එහෙම කියපු අය ඕනතරම් හිටියා. හැබැයි එතුමිය කවුද කියලා කියන්නෙ නෑ. වෙලාවල් දාගත්තා නම් අඩු ගාණෙ එක්කෙනෙක් ගැනවත් කියන්න එපැයි. මට නම් දැනගන්න ලැබුණෙ එතුමිය වෙලාවක් දාගන්න හදනවා වගෙයි. ජනාධිපතිතුමාගෙන් ඒ වෙලාව නම් හම්බ වෙයි. අනෙක් ඒ වලට නම් වෙලා යයි.
රනිල් වික්‍රමසිංහ සහ එතුමිය එකතුවෙලා බව නිල වශයෙන් දැන් පෙනුණාට ඒ අය එකතුවෙලා ගොඩක් කල්. සරත් ෆොන්සේකා මහත්මයාව ගිය ජනාධිපතිවරණ කාලෙදී බණ්ඩාරනායක සමාධියට රැගෙන ගියානෙ.
ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිනිය, මැතිතුමා ගැන ගෞරවයෙන් සිටි ගොඩක් අය අෑත් වුණා. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕන සෙල්ලමකට ඔට්ටුයි, හැබැයි එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනුවකට ඔට්ටු නැහැ. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැන්නන්ගෙ මතය යැයිද ඩිලාන් ඇමැතිවරයා මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට උත්තර දෙමින් වැඩිදුරටත් පැවැසීය.
http://www.mawbima.lk/
8:32 PM
slnews
0 comments :
Post a Comment