මේ පිළිබඳ එම ශිෂ්‍යාවගේ මව වන එච්.එම්. දර්ශිකා සඳමාලි මහත්මිය මෙසේ පැවසුවාය.
“මට දුවලා තුන් දෙනෙක් ඉන්නේ, එයාලා තුන් දෙනාම එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලට ඇතුළත් කළේ, මේ වන විට එම පාසලේ ප්‍රාථමික අංශය ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලය ලෙස වෙන් කරලා තියෙනවා. මේ අසාධාරණකමට මුහුණ දුන්නේ මගේ දෙවැනි දුව. ඇය ශ්‍රී රාහුල විද්‍යාලයේ (5-සී) පන්තියේ ඉගනුම ලැබුවා. බාලම දියණිය එම පාසලේම (1-ඩී) පන්තියේ ඉගෙනුම ලබනවා.
ප්‍රාථමික අංශයේ වෙනම පාසල් සංවර්ධන සමිතියක් පිහිටුවීම සඳහා රැස්වීමක් පෙබරවාරී 06 වැනිදා පෙරවරු 11.00 පැවැත්වෙනවා කියලා දරුවන් අතේ ලියුම් එවලා තිබ්බා. මම වකුගඩු ආසාදනයකින් පෙළෙනවා, එම රෝග තත්ත්වයන් තිබුණද මම පාසලේ පැවැත්වෙන රැස්වීමට සහභාගි විමට පාසලට 10.45 පමණ වන විට ගියා. නමුත් ඒ වන විට දෙමාපියන් සුළු පිරිසක් පමණයි රැස්වීමට සහභාගි වෙලා හිටියේ, සහභාගි වෙලා හිටිය පිරිසක් විදුහලේ විවිධ වැඩවල නිරත වී සිටියා. මම ඒ සඳහාත් සහය දැක්වූවා. ඒ අවස්ථාවේදී මගේ කුඩා දියණිය පස්වරු 12.00ට පාසල නිම වී පැමිණියා, ඇය අසනීප තත්ත්වයෙනුයි හිටියේ. පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව තිබූ පාසල් සංවර්ධන සමිතිය පස්වරු 1.00 දක්වා කල් තැබුණු බව දැනගන්න ලැබුණා. මම එතැන සිටි මවකටත් කීවා පස්වරු 1.00ටනේ රැස්වීම පටන් ගන්නේ දරුවට අසනීපයි, ඉක්මනට ගිහින් බොහෙත් ටිකක් අරගෙන නැවත රැස්වීමට එන්නම් කියලා.
මා මාගේ බාල දියණියට බෙහෙත් ගැනීම සඳහා එප්පාවල නගරයේ පිහිටි පෞද්ගලික ආරෝග්‍ය ශාලා වකට පැමිණියා. මටත් වකුගඩු රෝගය තිබෙන නිසා මාත් අපහසුවෙන් සිටියේ. එහෙම ඉද්දී කෞෂල්‍යා දුව එතනට අඩාගෙන ආවා. “අම්මේ කැකුළාවල සර් බැන්නා, උඹලාගේ අම්මා ටීවර් කෙනෙක් කියලා හිතලද සල්ලි දීලා රැස්වීමට ඉන් නැතුව ආපසු ගියේ කියලා, අම්මට හෙට උදේ 8.00 ඉස්කෝලෙට එන්න කිව්වා. නැත්තන් ශිෂ්‍යත්වය ලියන්න දෙන්නේ නෑ කියලා කිව්වා. පන්ති භාර සර් එකක් මගේ මහත්තයා කොච්චර සාකච්ඡා කළත් පන්ති භාර සර් එකඟතාවකට එන්න කැමති වෙලා නෑ. ඊට පස්සේ මහත්තයා ප්‍රාථමික අංශය භාර විදුහල්පතිවරයා හමුවෙලා ගැටලුව කියලා තියෙනවා. ඊට පස්සේ විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ශිෂ්‍යත්වයට තව මාස කිහිපයක් තියෙන නිසා වෙනත් පන්තියකට දියණිය ඇතුළත් කරලා දෙන්න කියලා. නමුත් කිසිම ගුරුවරයෙක් මගේ දියණියව පන්තියකට ගත්තේ නැහැ.
ඊට පස්සේ විදුහල්පතිවරයා දරුවා පාසලෙන් අස් කරගෙන යන්න කියලා මහත්තයාට කියලා. ස්වාමිපුරුෂයාගේ කැමැත්තෙන් දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බවට ලියුමක් ලියවගෙන අත්සන් අරගෙන දරුවා පාසලෙන් ඉවත් කරලා තියෙනවා. විදුහල්පතිවරයා එහෙම කරලා තියෙන්නේ ගුරුවරු ටික සමථයකට පත් කරගෙන මාසයක් ඇතුළත දරුවා නැවත පාසලට ගන්නම් කියලා. නමුත් දරුවා පසුගිය 13 වැනි දින පාසලෙන් අස් කරලා දැනට දින 15 කටත් වැඩියි තවමත් මගේ දරුවාට වෙනත් පාසලක් හෝ හිටපු පාසලවත් ලැබුණේ නෑ.
මේ සම්බන්ධයෙන් අපි බලධාරීන්ට පැමිණිළි කළාට පස්සේ විමර්ශන නිලධාරීන් පැමිණියා සාකච්ඡා කරලා අපි දරුවන් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට නැවතත් ඇතුළත් කිරීමට එකඟ වුණා. එසේ එකඟවෙලා සුළු වේලාවකින් විමර්ශන නිලධාරීන් ඉදිරියේම මගේ දියණියගේ පන්ති භාර ගුරුවරයා ලෙස කටයුතු කළ කැකුළාවල ගුරුමහත්මා හා තවත් ගුරුවරයෙක් අපට බැණ වැදුණා. අපහාස කළා කියලා අපට විරුද්ධව පොලීසි යනවා කිව්වා. ඒ ලෙස ගුරුභවතුන් වෛරී ච්ෙතානාවෙන් හැසිරෙන විට තවත් අපේ දරුවන් එම පාසලේ රැඳවීමට නොහැකියි. නිසා එම පාසලේ පළමු වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන දරුවත් දැන් පාසල් යැවීමට නොහැකියි. ඒ නිසා මගේ බාල දියණියත් පාසල් නොයවා ගෙදර තියාගෙන ඉන්නේ.මේ සම්බන්ධයෙන් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයට හා පළාත් අධ්‍යාපන කාර්යාලයට මේ ගැන පැමිණිලි කරා, ඒ කිසිම තැනකින් අපට සාධාරණ විසඳුමක් ලැබුණේ නෑ. ඒ සියලු නිලධාරීන් අපට බැනලා එළවගන්නවා. අපට කිසිවකුගේ පිහිටක් නැති තැන මේ සම්බන්ධයෙන් අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා යැයි ඇය පැවැසුවාය.
මේ සම්බන්ධයෙන් අප එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ.එස්. ප්‍රනීත් කුමාර මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා කියා සිටියේ කෞෂල්‍යා කාවින්දි කරුණාරත්න ශිෂ්‍යාවගේ මව එම පන්තිය භාර කැකුළාවල ගුරුවරයාත් සමග ප්‍රශ්නයක් ඇති වී ඇති බවයි.
ඒ අනුව දැරියගේ පියා පසුගිය 13 වැනි දින පාසලට පැමිණ මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර, ගැටලුවට විසඳුමක් ලෙස දියණිය පාසලෙන් අස්කර ගත්තා. වෙනත් පාසලකට දරුවා යොමු කරන බවට ලිපියක් මගින් ඉල්ලීමක් කරමින් අස්වීම් සහතිකයද ලබාගත්තා.
ඔවුන්ට මේ වනතෙක් දරුවා වෙනත් පාසලකට යොමු කිරීමට නොහැකි වූ බැවින් දැන් පාසල් පාර්ශවයට චෝදනා කරනවා. අපි ඒ දරුවා ගැන සිතා නැවතත් ඒ දරුවා පාසලට ඇතුළත් කරන මෙන් දුරකථන මාර්ගයෙන් මෙන්ම ලිපි මාර්ගයෙන්ද ඒ දරුවාගේ දෙමාපියන් දැනුවත් කළා. ඒත් ඒ දෙමාපියන් ශ්‍රී රාහුල විද්‍යාලයට දරුවා ඇතුළත් කිරීම ප්‍රතික්ෂ්ප කරනවා. නමුත් අපි ඒ දැරියට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අයැදුම් පත් යොමු කරලා තිබෙනවා යැයි ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ.එස්. ප්‍රනීත් කුමාර මහතා කියා සිටියේය.

බුද්ධික මහේෂ් විජේසූරිය – අනුරාධපුර ලක්බිම ඔන්ලයින්.
http://www.pathula.com/index.php/archives/10377
7:19 PM
slnews
0 comments :
Post a Comment