සංධාන ආණ්ඩුවේ හැම එකාම රාජ්‍ය දේපොල පරිහරනය කරන කොට මාතර පොලිසිය මහින්ද යාපාට අයත් අමාත්‍යංශ යේ කැබ්රතය අත්අඩංගුවට ගැනීමේ රහස නාමල් කුමරුගේ පුවක් බිස්නස් එකට යාපා පොල්ල දැමීමයි.
ගැටුමේ පලමු අදියර
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA) ප්‍රකාරව ඇති වරප්‍රසාද යටතේ විදේශයන්ගෙන් කරුංකා ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේදී අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අතර ගැටුමක් නිර්මාණය වී ඇත.

කරුංකා ගෙන්වීම සඳහා වන බලපත්‍රය යටතේ නාමල්ට හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී ලංකාවට කරුංකා කන්ටේනර් 05 ක් ගෙන්වා ඇති අතර ඒවා නීතිවිරෝධී ආනයන බව කියමින් කෘෂිකර්ම ඇමතිවරයා ආදාළ කරුංකා කන්ටේනර් රේගුවෙන් නිදහස් නොකිරීම නිසා නාමල් රාජපක්ෂ හා මහින්දයාපා යන දෙදනා අතර මෙම ගැටුමට හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනි..
කරුංකා ලංකාවට ආනයනය කොට ඉන්දියාවට අපනයනය කිරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන්නේ මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරයාගේ සමීප මාධ්‍යවේදියෙකු වන TNL නාලිකාවේ හිටපු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසිනි. මාධ්‍ය කටයුතු හරහා ගොඩනගා ගන්නා දේශපාලන හා ව්‍යාපාරික සම්බන්ධතා ඔස්සේ මාධ්‍යවේදී ව්‍යාපාරිකයන් අතර චමුදිත සමරවික්‍රම කැපී පෙනෙන චරිතයකි. ඔහුට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට ඇති සම්බන්ධතා හරහා ඔහු වෙනුවෙන් කරුංකා අපනයනය සඳහා අනුමැතිය ලබාගෙන ඇත්තේ ‘වයඹ ට්‍රේඩර්ස්’ ව්‍යාපාරය හිමි තදිකින් නැමැති අයෙකි. එම ඒකාධිකාරය දිගටම පවත්වාගෙන යාම සඳහා චමුදිත සමරවික්‍රම මහතා ඔහුට හිතවත් මාධ්‍ය ඔස්සේ නාමල් රාජපක්ෂ මහතාගේ හිතවත් ව්‍යාපාරිකයාට එරෙහිව මේ දිනවල පුවත් වාර්තා පලකරමින් සිටී.
කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ නිසි අනුමැතියකින් තොරව නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 05 ක් නීති විරෝධී ලෙස රේගුවෙන් නිදහස් කර ගනිමින් සිටින බවට චමුදිත සමරවික්‍රම විසින් මාධ්‍ය වලට තොරතුරු ලබා දී ඇත. එහිදී මතුකර ඇති කරුණු වන්නේ ශාඛ නිරෝධායන පනත යටතේ කරුංකා ආනයනයට බලපත්‍රයක් අවශ්‍ය අතර ආනයනික කරුංකාවල පොල්, පුවක්, බඩ ඉරිඟු ඇතුළු තවත් ශාඛ විනාශ කළ හැකි කෘමියෙකු සිටින බැවින් ඒ සඳහා පරීක්ෂණයකින් තොරව කරුංකා ගෙන්වීම නීති විරෝධී බවයි. මෙම කන්ටේනර් 05 මුදා හරින ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයාගෙන් පුද්ගලිකව ඉල්ලා සිටියද ඒ ගැන තැකීමක් කොට නැති ඇමතිවරයා පවසා ඇත්තේ තමා නීති විරෝධී කටයුතුවලට අනුබල නොදෙන බවයි. යනුවෙන් ගැටුමේ මුලු අදියර ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබුනි.
දෙවන අදියර
මෙම ගැයුමේ ප්‍රතිපලයක්ලෙස දකුණු පළාත් සභාවට තරඟවදින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සොහොයුරාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ අංක 53-3309 කැබ් රථය ඊයේ (01) මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් මෙම කැබ් රථය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති හේක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අයත් වූවක් බවයි.

එම රථය ඊයේ පෙරවරු 11ට පමණ අත්අඩංගුවට ගෙන ඇත . ඉන්පසු පොලිසිය විසින් එහි සිටි රියදුරා සහ ආධාරකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන නිදහස් කර යවා ඇති අතර .එම රථයේ මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සොහොයුරාගේ පෝස්ටර් කටවුට් සහ පත්‍රිකා ඇතුළු මැතිවරණ ප්‍රචාකර ද්‍රව්‍ය රැසක් තිබී ඇති අතර කැබ් රථය සහ එම ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.
අපවෙත අදහස් දැක්වූ අයකු ප්‍රකාශකලේ නාමල් බේබි ගේ බිස්නස් වලට අතදාන්න ගිහින් මහිංද යාපා කලුගලේ ඔලුව හප්පා ගත් බවයි.
7:16 PM
slnews
0 comments :
Post a Comment