Sunday, March 9, 2014

දැන් රටට වෙනසක් ඕන. බලාගෙන ඉන්න - ආණ්ඩු පෙරැළියක සද්දයකුත් තියෙනවා. කටින් කනට මේ පණිවුඩය ගෙන යන්ඩ. ඒ නිසා සහෝදරවරුනි ආණ්ඩු පෙරැළියත් සමඟ නියම ක්‍රමවේදයක් තියෙන්නට ඕනෑ.

දැන් යූඑන්පී එකක් තියෙනවාද? ඒකට බලයට එන්නට බැහැ. මොකෝ ශ්‍රී ලනිප ආණ්ඩුවත් තියෙනවද නෑ. මේ ආණ්ඩුව තුළ එජාප මන්ත්‍රිවරු හැට හතක් ඉන්නවා. දැන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ රජයක් නෙවෙයි. එජාප ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. එජාපයෙන් මන්ත්‍රිවරු මේ පැත්තට ආවේ මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න. ශක්තිමත් කරන්න නෙවෙයි මේ අය ගියේ හොරකම් කරන්න. පගා ගහන්න. මන්ත්‍රිවරුන්ගෙ වතුර බිල නොමිලේ. ඉන්ධන නොමිලේ. සැපයුම් නොමිලේ. වාහන තුන හතර තියෙනවා.

රට ඉතාම නරක තත්ත්වයට වැටිල තියෙන්නේ. ඔක්කොම අපරාධකාරයෝ ඉන්නෙ ආණ්ඩුවේ. පරීක්ෂණ නෑ. දඬුවම් නෑ. අපරාධ කරන්නෙ ආණ්ඩුවෙන්. මේ රජයට පළාත් සභා මැතිවරණයේදී සහයෝගය දුන්නොත් අපරාධවලට හවුල්වීමක් කෙරෙන්නෙ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හොරණ බටුවිටදී පැවැසීය.

2009 යුද්ධය දිනුවට  පස්සෙ කීවෙ රට හදන ආර්ථික යුද්ධය පටන් ගන්නවා කියලා. රට සංවර්ධනය කරන කතාවක් තියෙනවා. ඔය කතාව ඇත්තද? රට සංවර්ධනය වෙලාද? නෑ. ඉස්සරට වඩා ජීවිතය හොඳයිද? නෑ. රට සංවර්ධනය වෙනවානම් තමන්ගෙ සාක්කුවලට සල්ලි වැඩියෙන් එන්න ඕන. කවුරුත් ලොකු ප්‍රශ්නයක ඉන්නෙ. දැන් අපි පළාත් සභා ඡන්දයකට ඇවිත් ඉන්නෙ. මේ ඡන්දයේදී කියන්න ඕන රටේ සංවර්ධනය ගැන. දැන් ජිනීවා ප්‍රශ්නයක් ගැන කතා කරන්නෙ. ආණ්ඩුව කරපු වැරැදි නිසා ඒක වෙලා තියෙන්නේ. අපේ ප්‍රශ්න වහන්න හදනවා. දැන් රට වැටිලා තියෙන්නෙ. 1948 ඉඳල අපි විවිධ ආණ්ඩු පිහිටෙව්වා. නිල් කොළ ආණ්ඩු පිහිටෙව්වා.

දැන් රට හොඳ තැනකට ගේන්නට ඕන. ඒකට හොඳ අවස්ථාවක් පළාත් සභාව. පළාත් සභාවෙන් වැඩේ ඉවර නෑ. පළාත් සභාව එවල තියෙන්නෙ මුට්ටිය දාල බලන්න. ඊළඟට ජනාධිපතිවරණය. ඊළඟට මහා මැතිවරණය.

නිෂ්පාදනය කරන ධනය සාධාරණ බෙදීමක් නෑ. දැන් කිහිපදෙනකුට ධනය ලැබෙන්නෙ. සාධාරණ පදනමකින් බෙදෙන්ඩ ඕන. මේ සඳහා පැහැදිලි වෙනසක් ඇතිකරමු. මේ පක්ෂ දෙකේම ඉන්නෙ හොරු.  පරම්පරා ගණනාවක් අපි දුක් විඳිනවා. ඊළඟ පරම්පරාවටත් මේ දුක බෙදල දෙනවද? සාධාරණ ආණ්ඩුවක් හදමු. පුරවැසියකුගේ උපතේ සිට ජීවිතයේ අවසානය දක්වා වගකීම ගන්න ආණ්ඩුවක් අපි හදන්නේ. ශක්තිමත් පුරවැසියන්ගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් හදමු. ඒ සඳහා මෙම පළාත් සභාවෙන් ආරම්භයක් තියමු. එසේ නොවුවහොත් එන්නේ ඒකාධිපති ආණ්ඩුවක්. බොන්න වතුර ඉල්ලුවාම වෙඩි තියන ආණ්ඩුවක්. සියලු දෙනාටම දේශපාලන බලපෑමක් කරනවා. අපි අලුත් ආරම්භයක් කරන්න.

http://www.mawbima.lk/86-53062-news-detail.html

0 comments :

Post a Comment