එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමේ සැලැසුම් ගත ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙන බවට රජයේ ආරක්ෂක අංශ සැක පහළ කරයි. මේ සැකය පහළවී තිබෙන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන ව්‍යාපාරයකට රන් පවුම්වලින් සහ රුපියල් දසලක්ෂයක කප්පමක් ඉල්ලා වැල්ලවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයකුට තර්ජනය කළ යාපනයේ සිට පැමිණි පුද්ගලයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.
කොළඹ පැමිණ සැඟවී සිටි සැකකටයුතු මේ පුද්ගලයා යාපනය සිල්ලාලෙයි පණ්ඩිතිළිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළිවී ඇතැයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකරු මොරටුව සොයිසාපුර කුලියට ගත් නිවාසයක පදිංචිව සිට ඇති අතර පෙරේදා මැදියම පොලිසිය එම නිවෙස වටලා ඔහු සතුව තිබූ පරිගණකයේ එල්. ටී. ටී. ඊ. ලාංඡන, ඊළාම් සිතියම් බවට සැකකෙරෙන සිතියම් ඇතුළු සැකකටයුතු ලියවිලි තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
එම සැකකරු සමඟ තවත් සැකකරුවන් දෙදෙනකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්. ටී. ටී. ඊ. යට නැවත පණ දෙන්නට සැලසුම් කරන සැකකාර මහ මොළකරු වෙබ් සැලැසුම් ශිල්පියකු ලෙස පුහුණුව ලැබූ අයකු බවද අනාවරණය වී ඇත.
අදාළ වෛද්‍යවරයාට සැකකරුවන් විසින් එම කප්පම් මුදල් සහ රන්පවුම් ඉල්ලා විටින් විට නිර්නාමික ලියුම් කීපයක් එවා පසුව ඒවාට ප්‍රතිචාර නොලැබුණ විට මහමඟ තිබෙන දුරකතන ඇමැතුම් පෙට්ටිවලින් දුරකතන ඇමැතුම් දෙමින් මරණ තර්ජන සිදුකොට ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ලැබීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් සති දෙකක් තිස්සේ පරීක්ෂණ පවත්වා ඔවුන් ඉල්ලා ඇති රුපියල් ලක්ෂ 10 මුදල ලක්ෂ 5කට අඩුකොට එය ලබාගැනීමට පැමිණි අවස්ථාවේ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මහ මොළකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නුවන් වෙදිසිංහ මහතාගේ උපදෙස් මත එම විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්ෂක එන්. හෙට්ටිආරච්චි, එස්. ඊ. කළුආරච්චි, උප පොලිස් පරීක්ෂකවරුන්වන තිබ්බොටුවාව, එන්. අසීබ් යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
http://www.mawbima.lk/86-53097-news-detail.html

8:17 PM
slnews
0 comments :
Post a Comment