රථවාහන පොලිසිය නීතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව මිනිසුන් අපහසුතාවට පත්කරන බවට රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයේදී හෙළිදරවු වූ කරුණු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.
පල්ලම පොලිසියේ රථ වාහන අංශය මගින් මේ නඩුව පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (7දා) 'මව්බිම' මුල් පිටුවේ සඳහන් වූ වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගන්නා ලෙස පොලිස්පතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාට උපදෙස් දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ ඒ සම්බන්ධයෙන් ඊයේම ඊට අදාළ පියවර ගත් බවයි. එම සිද්ධියට අදාළ නඩුවාර්තාව කඩිනමින් ගෙන්වාගෙන එය අධ්‍යයනය කොට යම් ආකාරයක පොලිස් නිලධාරීන් විසින් වරදක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ අතර ඔහු සඳහන් කෙළේ පොලිසියට රථවාහන නඩු ලබාගැනීමට උපදෙස් දී ඇත්තේ දිනකට රිය අනතුරුවලින් 6 දෙනකු පමණ මියයන නිසා එම වැඩිවීම වැළැක්වීම සඳහා බවයි. මාර්ග නීති කඩකරමින් රිය පදවන රියැදුරන්ට විරුද්ධව නඩුපවරන ලෙස පොලිසිවලට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කෙළේය.
http://www.mawbima.lk/34-53102-news-detail.html

8:15 PM
slnews

0 comments :
Post a Comment