මම රවුෆ් හකීම් ඇමැතිවරයාට කියනව ජාති ආගම් භේද ඇතිකරන්නේ නැතිව වහසි බස් නොකියා කරුණාකර කට 'කොන්ට්‍රෝල්' කරගෙන ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිකම තියාගෙන ඉන්නවා නම් වඩාත් සුදුසු බව.
මේ අවවාදය කරන්නේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතායි. මේ කැලණිය වේවැල්දුවේ පැවැති පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ඉහත ප්‍රකාශය කළ ඇමැතිවරයා මෙසේද කීය.
'රවුෆ් හකීම් ඇමැතිතුමා කියල තිබුණ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව පෙරළුවෙත් අපි, සන්ධාන ආණ්ඩු කැඩුවෙත් අපි, අපි ගියොත් මේ ආණ්ඩුවත් වැටෙනව කියල හකීම් ඇමැතිතුමා කළ ප්‍රකාශයක් මම මාධ්‍යයෙන් දැකලා මම එතුමාට කියනව රජයක් ගෙනයන්න අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද 113යි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජය සියලු ජාතීන්ට සියලු ආගම්වලට මුළු මිනිස් වර්ගයාටම සාධාරණත්වයෙන් සලකපු නිසා රජයට මන්ත්‍රිවරු 160 කට වඩා ඉන්නවා. හකීම් ඇමැතිවරයාගේ කිහිපදෙනෙක් අඩුවුණාට මේ රජය පෙරළන්න බැහැ. ජනාධිපතිතුමා දාල නොයන කිහිපදෙනෙක් එතුමාගේ පැත්තෙත් ඉන්නවා.
මම හකීම් ඇමැතිතුමාට කියනව වහසිබස් කතා නොකර ජාති ආගම්, භේද ඇති නොකර කරුණාකරල කට 'කොන්ට්‍රෝල්' කරගෙන ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිකම තියාගෙන ඉන්නවා නම් වඩාත් සුදුසු බව.
ජනාධිපතිතුමාගෙ භාෂාවෙන් කියනවා නම් යන අයට යන්න ෙදාර ඇරල තියෙනවා. හැබැයි රටට ද්‍රෝහි වන දේවල් කරන්න ලෑස්ති වුණොත් ඔබටත් වෙන්නේ ප්‍රභාකරන්ගේ සයනයට වැටෙන්නයි. මෙය ප්‍රසිද්ධ ප්‍රකාශයක් බවද මර්වින් ඇමැතිවරයා පැවැසීය.
කවුරු ෙදාර ඇරගෙන ගියත් ජනාධිපතිතුමා වෙනුවෙන් අත් උස්සන අය අපටත් අවශ්‍ය වෙලාවට විරුද්ධ පක්‍ෂයේ ඉන්නවා. ඩී.ඒ. රාජපක්‍ෂ මැතිතුමාගෙත් එම මැතිනියගෙත් දරුවො පහසුවෙන් පෙරළන්න පුළුවන් දරුවො නෙවෙයි. දරුවො ජනතා සේවයට කැපවුණු දරුවො.
කිසිම අයකුට හිරිහැරයක් නොවන ආකාරයෙන් දේශපාලනය කිරීමයි මගේ ප්‍රතිපත්තිය. මගෙන් හිරිහැර වෙන්නේ කැලණියට අහිතකර කැලණියේ සංවර්ධනයට බාධා කරන කැලණි ජනතාව සූරාකන අයට පමණයි. ඒ අයට කරදර කරන්න මම පසුබට වෙන්නෙත් නැහැ.
මම බුදු බණේ එන තාපසයා ළඟ හැදුණු වැඩුණු නයා වගෙයි. සෑමදේටම ඔළුව පාත්කර ඉවසීමෙන් කටයුතු කරනවා. හැබැයි දෂ්ට කරන්නත් පුළුවන්. මම කියනව මගේ විරුද්ධවාදීන් මට බැන්නා හොඳටෝම ඇති. දැන් මම බැනුම් ඇහුවාත් ඇති. තවදුරටත් ඒ අය ඒ ක්‍රියාදාමයේම යනවා නම් දෂ්ට කරන්න සිදුවෙනවා.
මම අහසේ ඉගිළෙන විට පමණක් සුද පේන කොරවක්කෙක් නෙවෙයි. මම කුඹුරෙ ඉන්නකොටත් සුදුයි. අහසෙ පාවෙන විටත් සුදුයි. කොතැන සිටියත් සැබෑම සුදු කොකෙක්. කණකොක්කු සුදු කොක්කුන්ට වෛර කරනවා. මම සිල්වත් සුදු කොකෙක් යැයිද මර්වින් ඇමැතිවරයා පැවැසීය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් වන වෛද්‍ය ජයන්ත කබ්රාල්, තිලක් වීරසිංහ, නිශාන්ත අතුකෝරල, පෑලියගොඩ හිටපු නගරාධිපති නිහාල් ආනන්ද, කැලණිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි තිලක් වරාගොඩ මහත්වරු ද රැස්වීම ඇමැතූහ.
http://www.mawbima.lk/86-53392-news-detail.html
8:28 PM
slnews

0 comments :
Post a Comment