ඉදිරියේදී බාහිර උපාධි සඳහා ගුණාත්මකභාවයක් ඇති කිරීමට ඒ සදහා පවත්වන විභාගය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් පත්කරන කමිටුවක නිර්දේශයට අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
විශ්වවිද්‍යාල අචාර්යවරයෙකු විසින් ඉගැන්වීම් කටයුතු සිදුකර, ඔහු විසින්ම ප‍්‍රශ්න පත‍්‍රය සකස් කර, ඔහු විසින්ම ප‍්‍රශ්න පත‍්‍රය බලා ලකුණු ලබාදීම මගින් මෙතෙක් එම උපාධිය ලබා දුන් බවද ඒ මහතා සඳහන් කරයි.
මේ නිසා බාහිර උපාධිධාරී අපේක්ෂකයන් ලබාගන්නා උපාධිය ගුණාත්මකභාවයක් නොමැති තත්ත්වයකට පත්වූ බවත්, එහෙත් එවැනි පිරිසක් රටතුළ බිහිකර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුවද දැනුමෙන් සන්නද්ධ පිරිස් බිහි කිරීම එකම අභිලාෂය බවත්,මේ නිසා බාහිර උපාධි අපේක්ෂකයන් ලෙස සියලූ දෙනාම ලියාපදිංචි කරගත්තද මෙම ක‍්‍රමවේදයට විභාග පවත්වා උපාධි පිරිනැමීම ඉදිරියේදී සිදුවන බවත්, අමාත්‍යවරයා පවසා සිටියේය.
http://lankacnews.com/sinhala/news/111705/
8:45 PM
slnews
0 comments :
Post a Comment