අපේ හාමුදුරුවනේ කොයි වැඩෙත් මුලින්ම පටන් ගන්න එක කෝකටත් හොඳයිනෙ... බොදු බල සේනා සංවිධානය ආරම්භ කිරීමේ යෝජනාව කාගෙද?අවුරුදු දෙකහමාරකට විතර කලින් මම ලොකු කලකිරීමකින් හිටියෙ මොකක්ද මේ බුදු දහමට වෙන්න යන්නෙ කියලා. එක පාරට බුදුවරු පහළ වෙනවා. බෝධිසත්ත්වවරු පහළ වෙනවා. ධර්මය විකෘති කරලා සමහරු පොත් ලියනවා. ඒත් මේවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. එහෙම කලකිරීමකින් ඉන්න වෙලාවෙ තමයි ඥානසාර හාමුදුරුවො ප්‍රධාන හාමුදුරුවරු කණ්ඩායමකුයි, ගිහි පිරිසකුයි ඇවිත් මට කිව්වා අපේ හාමුදුරුවනේ ශාසනයටත් ජාතියටත් මහා විනාශයක් වේගෙන එනවා, ඒක නිසා අපි මෙහෙම බොදු බල සේනා කියලා සංවිධානයක් පිහිටුවන්න යනවා. මේකට නායකත්වය දෙන්න කියලා.
ඔය ආපු පිරිසෙන් කවුද නායකත්වය භාරගන්න කිව්වේ?
ඥානසාර හාමුදුරුවො.
කිව්ව ගමන් භාර ගත්තා?
මෙහෙමයි. මම පැහැදිලි කළා මේ වෙනකොට බෞද්ධයන්ගෙ සසුන් කෙත එහෙම පිටින්ම බජිරි ගොජිරි හැදිලා වල් බිහිවෙලා. අපිට ශුද්ධ කරන්න පුළුවන් නම් මම එන්නම් කියලා.
හරි. ඔබ වහන්සේ හලාල් ප්‍රශ්න හරහා යම් කාලයක් කටයුතු කළා. දැන් වර්තමානයට එමු. මාස හය හතක ඉඳලා ඔබ වහන්සේ මේ සංවිධානයෙ වැඩවල පේන්න නෑ?
ඔව්. මම ඒගොල්ලන්ට කිව්වා, මට හරි අමාරුයි ඔය ගමන යන්න. මට කෑගහන්නත් බෑ. ඔය රණ්ඩු වෙන ඒවා මට පුරුදුත් නෑ. ඒක නිසා මම මගේ පොත්පත්වල වැඩ, ටීකා පරිවර්තන වැඩ කරගෙන ඉන්නම්. අස්වෙනවා නෙමෙයි ඔය ඇත්තො ඉදිරි වැඩ කරගෙන යන්න කියලා.
මහනුවර රැස්වීමකදී ඥානසාර හාමුදුරුවන්ගෙ කතා විලාසයට ෙදාස් කීමේ සිද්ධියත් ඔය විදියට පැත්තකට වෙන්න බලපෑවා?
ඒ සමහර දේවල්වලට මම එකඟ වුණේ නෑ. කොහොම වුණත් සමහර දේශපාලන නායකයන්ට කෙළින්ම ඇඟිල්ල දික්කරලා බනින එකට මම කැමැති වුණේ නෑ. මට එහෙම පුරුද්දක් නෑ. ඒකත් එක හේතුවක් වුණා තමයි මම පැත්තකට වෙන්න.
මුල ඉඳලම ඥානසාර හාමුදුරුවො එහෙමද?
එහෙමයි. එහෙමයි. එයාගෙ චරිතෙ හැටි එහෙමයි. එයා ආවේගශීලීව තමයි කතා කරන්නෙ.
ඇයි ඒ මොකක් හරි කේන්තියකින්ද උන්වහන්සේ නිතරම හිටියේ?
එහෙම කතා කළේ නැත්නම් මේ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ තේරෙන්නෙ නෑ කියන තැනයි ඥානසාර හාමුදුරුවො හිටියෙ. ඒකෙ ඇත්තකුත් තිබුණා.
ඒ කියන්නෙ මුලදී ඔබ වහන්සේ මේ ආවේගයට කැමැති වුණා?
මට ගැළපෙන වැඩ කරද්දී මම එකඟ වුණා. අපි ගිහිල්ලා ඔය හොර බුදුවරුන්ට එහෙම කෑගහලා බැන්නනෙ.
වටෙන් ගහනවට වඩා ඔය දේශපාලනඥයන්ට කෙළින් ඇඟිල්ල දික්කරන එක හොඳයිනෙ අපේ හාමුදුරුවනේ?
මම කියන්නෙ ඒක නෙවෙයි වෙන්ඩ ඕනෙ. ඒ අය හදන්න කලින් අපේ මිනිස්සු හැදෙන්න ඕනෙ. අපේ බෞද්ධයො හාමුදුරුවරු දැනුම්වත් කරන්න ඕනෙ.
ඥානසාර හාමුදුරුවන්ගෙ කතා පැත්තකින් තියලා කතා කළොත් හාමුදුරුවනේ රට පාලනය කරන අයත් හැදෙන්න ඕනනෙ?
ඇත්තටම ඔව්. මට එහෙම පුරුද්දක් නෑ. මම භාවනා මධ්‍යස්ථානයෙ වැඩ පොත්වල වැඩ කරගෙන යනවා. පිටරට ඉඳන් අවුරුදු විසි ගාණක් කළෙත් ඒක. ඒ නිසා අපි පෑහෙන්නැති ගතියක් තිබුණා.
හාමුදුරුවො දේශපාලනය කරනවට ඔබ වහන්සේ එකඟද, විරුද්ධද?
මම විරුද්ධයි. කොටින්ම 2005 තමයි මම මගෙ පළමු වැනි ඡන්දෙ දුන්නෙ.
ඇත්තටම හාමුදුරුවනේ බොදු බල සේනා සංවිධානයෙ නායකත්වයට පත්වුණාට පස්සෙ දායක මහත්වරු, හිතවතුන් මොකද කිව්වේ?
සමහරු මේ ස්ථානයට ඒම පවා නතර කළා. හුඟ දෙනෙක් පුදුම වෙලා මට කතා කරලා කිව්වා හාමුදුරුවො වගේ කෙනෙක් මේ වගේ සංවිධානයක් මෙහෙයවනවා කියන එක විශ්වාස කරන්නත් බෑ කියලා.
මොකක්ද මේ බොදු බල සේනාවට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක තියෙන ගනුදෙනුව?
දැන් මාස දහයකට ෙදාළහකට විතර කලින් ජර්මනියෙ මහත්තයෙක් හාමුදුරුවරු කීප නමක් එක්ක ඇවිත් මට කිව්වා ඒ මහත්තයා ගාල්ලෙ පිලාන කියන හරියෙ හදපු ගොඩනැඟිලි ටිකක් තියෙනවා, මේ ගොඩනැඟිලි ටික බෞද්ධ වැඩකට පාවිච්චි කරන්න කියලා. එතැන ඔප්පු සම්බන්ධ ප්‍රශ්න තිබුණා.
ඒ ඉඩම කාගෙද? නාගරික සංවර්ධන අධිකාරියට අයිතියි කියලත් කතාවක් තිබුණා?
නෑ. ඒ ඉඩම අර ජර්මන් මහත්තයා සල්ලිවලට අරගෙන තිබුණෙ.
ඒ ඉඩමෙ හැදුවෙ බොදු බල සේනා ඔෆිස් එකක්නෙ?
නෑ. නෑ. මේකට බොදු බල සේනා සංවිධානයෙ කිසිම සම්බන්ධයක් නෑ. ඒ මහත්තයගෙ ඉල්ලීම පරිදි භාවනා මධ්‍යස්ථානයක් හදන්න මම මැදිහත් වුණා විතරයි.
හරි. ආපහු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයගෙ කතාවට යමු?
මේ වැඩ ඉවර කරලා මේක විවෘත කරන්න ජනාධිපතිතුමාට ආරාධනා කළා. ඒත් එතුමාට වෙලාව නැති නිසා අපි ආරක්‍ෂක ලේකම්තුමාට ආරාධනා කළා. එතුමා භාර ගත්තා.
ඕක බොදු බල සේනාවට සම්බන්ධ නැත්නම් ඥානසාර හාමුදුරුවොත් විවෘතව ඉස්සරහින්ම ආවෙ?
අපි එකට වැඩ කරන නිසා උන්වහන්සෙත් ආවා. ගෝඨාභය මහත්තයට ආරාධනා කරන්නත් උන්වහන්සේ ගියා.
එතකොට බොදු බල සේනාවට ගෝඨාභය මහත්තයා එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?
නෑ. ඔය කතාව අමූලික බොරුවක්. එතුමා සත පහක් අපිට දීලා නෑ. කොහොමද මේවා කෙරෙන්නෙ කියලා අහලා නෑ.
එතකොට ආණ්ඩුව?
ඔය සේරම බොරු කතා.
හෙළ උරුමය?
එහෙම සම්බන්ධයක් නෑ. මගේ කොහොමටත් නෑ එහෙම එකක්.
ඒ කියන්නෙ සංවිධානෙට තියෙනව වගේ සම්බන්ධයක්?
නෑ. නෑ.
එහෙනම් හෙළ උරුමය එක්ක තරගයක්ද තියෙන්නෙ බෞද්ධ සිත් දිනාගන්න?
මෙහෙමයි. සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීමත් එක්ක ඒගොල්ලො ආපු ගමන යම් කඩා වැටීමකට ලක් වුණා.
ඒ මන්ත්‍රිවරුන්ගෙ එකඟත්වයක් නැති නිසා. ඒත් එක්කම ඒකෙන් කලකිරීමට පත්වෙච්ච පිරිස් මෙතැන්ට එකතු වුණා.
ඒ කියන්නෙ හෙළ උරුමය පසුබැස්සා?
ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහිල්ලා කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ. මගෙ මේ ඉන්න ටිකත් නැති වෙයිද දන්නෙ නෑ.
අපේ හාමුදුරුවනේ, ප්‍රශ්නෙට උත්තරය?
ඒක ඉතින් මම දන්නෙ නෑ.
ආණ්ඩුවෙ විතරක් නෙවෙයි, විපක්‍ෂයෙත් ඉන්නවනෙ හොඳ පන්සිල් රකින බෞද්ධයො. ඇයි බොදු බල සේනාවෙ වැඩවලට ඒ ගොල්ලන්ට ආරාධනා කරන්න බැරි?
අපි ජනාධිපතිතුමා එක්ක රටේ ප්‍රශ්න ගැන කතා කළා. ගෝඨාභය මහත්තයා අර උත්සවේට එක්කගෙන ගියා. ඒ ඇරෙන්න අපේ වෙන කාත් එක්කවත් සම්බන්ධයක් තිබුණෙ නෑ.
බොදු බල සේනාවට නෝර්වේවලින් සල්ලි ගොඩක් හම්බවුණාද අපේ හාමුදුරුවනේ?
මම සම්බන්ධ වෙන්න ඉස්සර වෙලා නෝර්වේ එක්ක මේ කණ්ඩායමේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. මට මේකට ආරාධනා කරන්න කලින්. ඒක ඥානසාර හාමුදුරුවො පැහැදිලිව කිව්වා.
කොහොමද ඒ සම්බන්ධෙ හැදිලා තියෙන්නේ?
ඔය ඩිලන්ත විතානගේ කියන මහත්තයාගෙ මොකක් හරි එන්.ජී.ඕ. සම්බන්ධයක් මත මේ අය නෝර්වේ රටට ගිහිල්ලා තියෙනවා. මෙහෙ දෙමළ අනාථ කඳවුරුවලට යම් යම් උදව් කරන්න එහෙ ඉන්න දෙමළ - සිංහල අය එකමුතු කරන්නයි මේ ගොල්ලො ගිහිල්ලා තියෙන්නෙ. හැබැයි ඒක කෙරිලා නෑ.
ඒත් කොහෙන් කොහෙන් හරි සල්ලි ආවා?
මම දැනුවත්ව නම් ඔය සංවිධානෙට සත පහක් කිසිම රටකින් ලැබුණෙ නෑ. සිංහල මිනිස්සු දහ පහළොස්දාහ දුන්නා. සල්ලි නෑ කිව්වහම මම සෑහෙන ගාණක් දීලා තියෙනවා.
ඔය නොර්වේ ප්‍රශ්නය හකීම් ඇමැතිතුමා මතු කරනකම් ඔබ වහන්සේට කිව්වෙ නෑ?
නෑ. එහෙම කියන්න අවශ්‍යතාවක් තිබුණෙ නෑ.
ඇයි?
එහෙම අහන්නවත් මම දැනගෙන හිටියෙ නෑනෙ. ඒගොල්ලො කිව්වෙත් නෑ.
මීට අවුරුදු එකහමාරකට විතර කලිනුත් ඥානසාර හාමුදුරුවො නෝර්වේවලට ගියානෙ. ඩයස්පෝරාව එක්ක සාකච්ඡාවකට?
මම දැනුවත්ව නම් ගියෙ නෑ නෝර්වේවලට.
ඥානසාර හාමුදුරුවො ඒ ගැන පත්තරවලටත් කියලා තිබුණනෙ?
මට නම් එහෙම ගමනක් ගැන මතකයක් නෑ.
ඔබවහන්සේට හොරෙන් ගියාවත්ද?
මම ඉන්න කාලෙ ගියානම් මට කියලා යන්නෙ.
එතකොට ඥානසාර හාමුදුරුවන්ගෙ ඇමෙරිකා ගමන?
ඒක එහෙ තියෙන බෞද්ධ සංවිධාන කිහිපයකින් ආරාධනා කරලා තමයි උන්වහන්සේලා ගියෙ.
ඔය උත්තරවල හැටියට නම් පේන්නෙ මුල ඉඳලම ඔබ වහන්සේ සංවිධානෙ අභ්‍යන්තර වැඩවලින් පැත්තකට කරලා දාලා තිබුණා කියලා?
නෑ. මට තියෙන මේ පොත්වල වැඩ නිසා මම කොහෙවත් යන්නෙ නෑ. පොත් පරිවර්තනය කරනවා. ලියනවා. ඒවා අධීක්‍ෂණය කරනවා. ඒ වැඩවලට තමයි මම ප්‍රමුඛත්වය දුන්නෙ.
බොදු බල සේනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධය?
එහෙම හම්බවෙලා කතා කරලා නම් නෑ මම හිතන්නෙ.
එක්සත් ජාතීන් සල්ලි දෙනවවත්ද මේ වැඩවලට?
මම දැනුවත්ව නම් කිසිම කෙනෙක් එහෙම සල්ලි දීලා නෑ.
ඔබ වහන්සේ නොදැනුවත්ව?
එහෙම කවුරු හරි අරන් තියෙනවද කියලා නම් මම දන්නෙ නෑ.
හැබැයි එක්සත් ජාතීන්ගෙ වාහන බොදු බල සේනාවෙන් පාවිච්චි කරනවා?
නෑ. නෑ.
ඔබ වහන්සේ ඔහොම කිව්වට සංවිධානයේ ඩිලන්ත විතානගේ මහත්තයා ගමන් බිමන් යන්නෙ එක්සත් ජාතීන්ගෙ ලාංඡනය ගහපු වාහනේක?
එහෙම නම් මට හොරෙන්.
ඔහොම කියලා සංවිධානයක සභාපති ස්වාමීන් වහන්සේ නමකට වගකීමෙන් මිදෙන්න පුළුවන්ද?
මට කියලා තියෙන්නෙ නම් ඔය වාහනේ එයා වැඩකරපු අමාත්‍යංශයෙන් එයාට ලැබුණා කියලා.
බොදු බල සේනා සංවිධානය මාධ්‍යවේදීන්ව විල්පත්තුවෙ වන සංහාරය බලන්න එක්කගෙන ගියෙත් එක්සත් ජාතීන්ගෙ බස් එකක?
මම නම් දන්නෙ නෑ. මම ගියෙත් නෑනෙ ඔය ගමන.
මාධ්‍යවේදියො එහෙම එක්කගෙන යනවා කියලා ඔබ වහන්සේ දැනගෙන හිටියද?
නෑ. මම ඒ දවස්වල වැඩවලින් අයින් වෙමින්නෙ හිටියෙ. මට ඒවා ගැන කිව්වෙම නෑ.
ඒත් අයින් වෙලා නෑනෙ?
නිල වශයෙන් අයින් වෙලා නෑ. නමට හිටියා.
කවදද හරියටම අයින් වෙන්නෙ?
දැන් ප්‍රශ්නයක් පැන නැඟලා තියෙනවනෙ. ඒ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙනුත් පරීක්‍ෂණයක් කරනවා. සමහර විට මාවත් හිර භාරයට ගනියිද දන්නෙ නෑ. මේවා ඉවර වෙනකම් ඉන්න එපැයි දැන්.
තවම බොදු බල සේනාවෙ සභාපති ඔබ වහන්සේ?
නමට.
එහෙනම් මේ ඔක්කොටම ඔබ වහන්සේ වගකියන්න ඕනෙ?
ඔව් ඉතින් ඒකනෙ මම තවම අස් වෙන්නෙ නැතිව ඉන්නෙ.
අලුත්ගම - බේරුවල සිද්ධියටත් වග කියනවද?
පරීක්‍ෂණවල ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා.
ඇත්තටම එතැනදි බොදු බල සේනාව වැරැදියිද?
පාඩුවෙ ඉන්නෙ නැතිව එතැනට මැදිහත් වෙච්ච නිසා ඒ වගකීම් ගන්න වෙනවා ඉතින්. මේකට කියන්නෙ ඉල්ලන් කනවා කියලා. හැබැයි මේක කුමන්ත්‍රණයක්. මේක සංවිධානය කරලා තියෙන්නෙ බොදු බල සේනාව නෙවෙයි.
ඥානසාර හාමුදුරුවන්ගෙ ඉතිහාසයට අදාළව යම් චෝදනා කිහිපයක් එල්ල වෙලා තිබුණා. ඇතැම් මාධ්‍ය මඟින් ඒවා ප්‍රසිද්ධ කළා. ඔබ වහන්සේ මේවා දන්නෙ නැද්ද?
මම මහණ වුණේ වෙහෙරහේන පන්සලේ.
1972 ලංකාවෙන් ගියෙ. ආයෙ 1989 ලංකාවට ආවෙ මැලේසියාවෙ අවුරුදු 14ක් හිටියා. සිංගප්පූරුවෙ අවුරුදු දෙකක් හිටියා. ඇමෙරිකාවෙ අවුරුදු හතරක් හිටියා. ඒ ඇරෙන්න මේ හාමුදුරුවරු ගැන මම මොකුත් දන්නෙ නෑ. ලංකාවට ඇවිත් මේ පොත් වැඩේට බැස්සා එච්චරයි.
ශාලික විමලසේන
රෂිනි මෙන්ඩිස්
http://www.mawbima.lk/54-61956-news-detail.html

9:40 PM
slnews
0 comments :
Post a Comment