ප්‍රේමලාල් විජේරත්න
බාලවයස්කාර දරුවන් අන්තර්ජාලය මඟින් ලිංගික කටයුතුවලට පොලඹවා ගන්නා සහ යොදාගන්නා පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සයිබර් වොච් (අන්තර්ජාල ආවේෂණ) නමින් ඒකකයක් ක්‍රියාත්මක කොට තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ මේ ඒකකයේ නිලධාරියකු අවුරුදු 15ක දරුවකු ලෙස පෙනීසිටිමින් සමාජ වෙබ් අඩවියක් වන පේස්බුක් මඟින් ආවේෂණ කටයුතු සිදුකර අනාවරණය කරගන්නා තොරතුරු අනුව බාලවයස්කාර දරුවන් ලිංගික කටයුතුවලට පොලඹවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු පිළිබඳ තොරතුරු හෙළිකරගෙන ඇති බවයි.
ඒ පිළිබඳ ඉකුත් 27 දින ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයට දැනුම් දීමෙන් පසු ඉකුත් 27 දින අදාළ සැකකරු ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවැසීය.
සැකකරු 24 හැවිරිදි හබරාදූව කොග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී තිබේ.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
http://www.mawbima.lk/34-62070-news-detail.html
9:41 PM
slnews
0 comments :
Post a Comment