මීළඟ ජනාධිපතිවරණයේදී පක්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගැනීම සඳහා මෙවර උෟව පළාත් සභා මැතිවරණයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වී උෟව මහ ඇමැති අපේක්ෂකත්වයට තරග වැදීමට තමා සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා (29දා) නිල වශයෙන් නිවේදනය කෙළේය.
බදුල්ලේ පැවැති එජාප ක්‍රියාකාරිකයන්ගේ හමුවක් අමතමින් මේ බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙවර උෟව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කිරීමට තමන් සූදානම් බවද පවසා සිටියේය.තමන් මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වී උෟව පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට තීරණය කෙළේ පක්ෂයටත් රටටත් ආදර්ශයක් ලබා දීමට බවද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සඳහන් කර සිටියේය.
මීට සති දෙක තුනකට ඉහතදී සිටම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්ව උෟව පළාත් සභා මැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටින බවට නිල නොවන ආකාරයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ආරංචි පැතිර ගියද ඒ බව ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් කිසිදු අවස්ථාවක තහවුරු කර තිබුණේ නැත. එහෙත් පෙරේදා බදුල්ලේ පැවැති රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව නිල වශයෙන් තහවුරුකර සිටීමත් සමඟ මෙවර උෟව පළාත් සභා මැතිවරණය ඉතා උණුසුම් එකක් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
http://www.mawbima.lk/
8:16 PM
slnews

0 comments :
Post a Comment