සුළු ජාතික ජන වර්ගයකට එරෙහි ප්‍රහාරය තුලින්, අන්තවාදීන්ටත් රාජපක්‍ෂ පවුලටත් ඇති සම්බන්ධතාවය පැහැදිලිව පෙන්නුම් කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදීන් වසර කීපයක සිට කරන අප්‍රසාදය දනවන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල නතර කරවිය යුතු බව නිව්යෝර්ක් ටයිම්ස් තම නිවේදනයේ සදහන් කර සිටී.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ,
“2014.06.15 දින අලුත්ගම ක්‍රියාත්මක වූ ලේ වැගිරෙන ප්‍රචණ්ඩත්වය හේතුවෙන්, මුස්ලිම් ජාතිකයින් 4 දෙනෙකු මියගිය අතර 78 දෙනෙකු තුවාල ලබන ලදි. මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විනාශ විය.
පාලක පක්‍ෂය වන රාජපක්‍ෂ පවුල සමග සම්බන්ධතා ඇති බොදුබල සේනාව සංවිධානය කල මුස්ලිම් විරෝධී පෙළපාලියෙන් පසු මෙම ප්‍රදේශයේ නොසන්සුන්තාවය වර්ධනය වී ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාවේ සුළු ජාතික ජන වර්ගයකට එරෙහිව මෑතකදී එල්ලවූ ප්‍රහාර තුලින් අන්තවාදී බොදුබල සේනා සංවිධානයටත් ආරක්‍ෂක හමුදාව සහ රාජපක්‍ෂලාටත් අතර සම්බන්ධතාවය පැහැදිලිව පෙන්නුම් කරන ලදි.
බොදුබල සේනා සංවිධානය 2014.06.15 දින සිදුකල ප්‍රහාර වැලැක්වීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජයට ජාත්‍යන්තර වශයෙන් පැනනැඟුනු විරෝධතා හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, සිද්ධිය වූ ප්‍රදේශයට ගමන් කර තිබුණි. සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රියාමාර්ග ගන්නා බව රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී පසුගිය මාර්තු 27 වන දින සම්මත කළ යෝජනාවට අනුව, යුද්ධයේ අවසන් අදියරයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අනුග්‍රහය ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇති තත්වයේදී, රජයේ මෙම පොරොන්දුව බලවත් ප්‍රශ්නයක් මතුකර ඇත.
ජනාධිපතිවරයාගේ කණගාටුවට සහ ක්‍රියාකලාපයට විශේෂ හේතු ඇත. මෙම ප්‍රචණ්ඩත්වය ඔහුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ සංචාරක සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට සෘජුවම හානිදායකය. මුස්ලිම් සුළු ජාතික ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම විෂයෙහි රජය පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් තුලින් බොහෝ විවේචන එල්ල විය.
ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අමාත්‍යවරයෙකුද වන රවුෆ් හකීම්, මුස්ලිම් ජනතාව වෙත වන ප්‍රහාර වැලැක්වීම විෂයෙහි රජය පරාජය වී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධ ජනතාවගෙන් වැඩිදෙනෙකු බොදුබල සේනාවට සම්බන්ධ වී කටයුතු කරන්නේ නැත. ශ්‍රී ලංකාවට මෙම කරුණ සමනය කළ යුතු අවශ්‍යතාවයක් ඇත.
ජනවර්ග සහ ආගම් අතර ප්‍රකෝපකාරී හැඟීම් අවුළුවාලන කණ්ඩායම් සහ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන මෙන් රාජපක්‍ෂ පසුගිය සඳුදා පොලීසියට ලබාදුන් උපදෙස් පිළිබඳව ප්‍රශංසා කරන්නෙමු. නමුත්, ජනාධිපති පොලීසියට ලබාදුන් උපදෙස් ඇතුලත් වාර්තාවෙහි, බොදුබල සේනාවේ නම සදහන් කර නොමැත” යනුවෙන්ද නිව්යෝක් ටයිම් පුවත්පත අදාළ ලිපියෙහි සදහන් කර සිටී.
(lankatnews)
8:19 PM
slnews
0 comments :
Post a Comment