රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘතිය සමිති ක්‍රියාමාර්ගයකට
රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට සිට වෘතිය සමිති ක්‍රියාමාර්ගයකට යාමට නියමිත බව රජරට විශ්ව විද්‍යාල උපකුලපති රංජිත් විජයවර්ධන මහතා මව්බිමට පැවසීය.
රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මිහින්තලේ විශ්ව විද්‍යාලය භූමියට නොපැමිණෙන බව දන්වා ලිපියක් උපකුලපති රංජිත් විජයවර්ධන මහතා වෙත ලබා දී ඇති බව එතුමා සඳහන් කළේය.
පසුගියදා උපකුලපති ඇතුළු ආචාර්යවරු පිරිසක් විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුල බලෙන් රඳවාගෙන සිටීමේ සිද්ධියට විරෝධතාවය ප්‍රකාශ කිරීමක් ලෙස රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
උපකුලපති රංජිත් විජයවර්ධන මහතා ප්‍රකාශකලේ ආචාර්යවරුන් විශ්ව විද්‍යාල භූමිය අනාරක්ෂිත ප්‍රදේශයක් ලෙස සලකන බවත් එය ආචාර්යවරුන්ට ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට පියවර ගන්නා තෙක් රජරට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙම ක්‍රියාමාර්ගයේ නිරතවන බවත්ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ රංජිත් විජයවර්ධන මහතා සඳහන්කළේ පසුගියදා සිදුවූ සිද්ධිය රජරට විශ්ව විද්‍යාලයට පමණක් නොව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාවට එල්ල වූ තර්ජනයක් බවයි.
http://www.mawbima.lk/34-62048-news-detail.html
9:47 PM
slnews
0 comments :
Post a Comment