නිකවැරටිය - රසික කුමාර
රාවුෆ් හකීම් මහතාට අධිකරණ අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයේ දෝෂාරෝපණයට ලක්ව ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවේය.
නිකවැරටිය, කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ මහින්දෝදය තාක්‍ෂණ විද්‍යා පීඨයට මුල් ගල් තැබීමේ උත්සවය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විදේශ රටවලට කේලම් කියනවා. ඒ නිසා ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයෙන් බැනුම් අහනවා. ඔහුට අධිකරණ අමාත්‍යංශය ලබාදීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය නිසා ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය, රාවුෆ් හකීම් මහතාගෙන් බැනුම් අහනවා. දෙපැත්තෙන්ම ෙදාස් අහන්නේ ජනාධිපතිතුමා. හැබැයි රට දෙස බලා ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නවා. රට අස්ථාවර කරගන්න දෙන්නේ නැහැ. හැබැයි විපක්‍ෂය ජනාධිපතිවරයා මරලා හරි බලය ගන්න හදනවා. ජනාධිපතිවරයාගේ දක්‍ෂකම සහ නායකත්වය නිසා අද විපක්‍ෂය බය වෙලා ඉන්නේ. දියුණුවන රට ආපස්සට හරවන්න හදනවා. විනාශ කරන්න හදනවා. මේ රටත් අරාබිය වගේ ගැටුම් ඇති වූ කලාපයක් කරන්න හදනවා. ලබාගත් සාමය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.
රට සංවර්ධනය කරනකොටත් විපක්‍ෂය බනිනවා. මේ ළඟදී අමාත්‍යවරයෙක් රිය අනතුරකට පත් වූ පුද්ගලයෙක් බැලීමට රෝහලට ගොස් තිබෙනවා. එහිදී එම පුද්ගලයා කියා තිබෙන්නේ පාර කාපට් කරපු නිසා තමාට මෙම අනතුර සිදු වූ බවයි. ඒ සමාජයේ හැටි. අපි හැබැයි දේශපාලනය අවංකව කරනවා. දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට ජනාධිපතිවරයා විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ප්‍රශ්න දෙස සංවේදීව බලන නායකයෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාති, ආගම්වාදී ප්‍රශ්න ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැබැයි සියලු දෙනා එකමුතුව වැඩ කරමු. විතිකුලිය මහා විද්‍යාලයේ ප්‍රශ්නයක් ඇති වුණා. විදුහල්පති දරුවකුට පහරදීලා. මට පැමිණිල්ලක් ලැබුණා. මම තමයි පොලිසියට කිව්වේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියලා. නැතිනම් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ජනතාව බනිනවා. නීතිය අකුරට ක්‍රියාත්මක කරනකොටත් සමහරු බනිනවා. හැබැයි අතීතයේ නම් කෝටු පාර කාලා තමයි ළමයි ඉගෙන ගත්තේ. දැන් ළමයකුට ගැහුවොත් යන්නේ පොලීසි. මේ වෙනස වටහා ගත යුතුයි.
මෙම අවස්ථාවට කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ.

http://www.mawbima.lk/34-62098-news-detail.html
9:46 PM
slnews
0 comments :
Post a Comment