Monday, July 28, 2014

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මාසයකට ආසන්න කාලයක් වෘත්තීය කි‍්‍රයා මාර්ගයක නිරත වූයේ,  එම සරසවියේ පසු ගිය ජුනි 26 සහ 27 යන දෙදින තුළ පැන නැගුණු අර්බුදයේදී ආචාර්යවරුන්ට එල්ල වූ හිරිහැර සහ මරණ තර්ජන හේතුවෙනි.විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ අද සිට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ය.
මේ අතර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසුවේ, එම සිද්ධියේදී නීතිමය පියවර ගත් සිසුන් 31 දෙනාගේ සහ දැනට පන්ති තහනමට ලක්ව ඇති සිසුන් 7 දෙනාගේ දෙමව්පියන්ට අද දිනයේ සාකච්ඡාවක් සඳහා විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙස  දැනුම් දී ඇති බව ය.
ජුනි 26 සහ 27 යන දෙදින තුළ පැන නැගුණු ශිෂ්‍ය අර්බුදය හේතුවෙන් පසුගිය 4 වැනිදා සිට දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලය වසා දැමු අතර  රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර මහතා පැවසුවේ, පාලකයින්ගෙන් සමාව අයැදීමට තමන් සූදානම් නැති බව ය.

0 comments :

Post a Comment